මාස හයකට පසු....
"ඇමතිතුමා.."
"වාසලබණ්ඩාර ඇමතිතුමා.. ඇයි ඔබතුමා මාධ්‍යවේදීන් මෙහෙම මග අරින්නෙ.."
"හිටපු අගමැතිතුමාට ඇත්තටම මොකක්ද උනේ.. මිනිස්සු කියනවා එතුමාට සිද්ද උන අනතුර පිටිපස්සෙ ඔබතුමා ඉන්නවා කියලා.. ඒක ඇත්තද.."
මීඩියාකාරයො මග ඇරලා යන්න ගිය මම අන්තිම ප්‍රශ්නෙ නිසා මගින් නතර වෙලා හැරිලා බැලුවේ භයිරව් වගේම අජේ මගේ දෙපැත්තෙන් හිටගෙන ඉඳිද්දී..
"ඇමතිතුමා.."
භයිරව් මගේ දිහා අවිශ්වාසෙන් වගේ බලද්දී මං එයා දිහා බලලා ඔලුව වැනුවා..
"මම කතා කරන්නම්.."
"ඇමතිතුමා.. ඔබතුමා අපේ ප්‍රශ්න වලට උත්තර දෙනවාද.."
"දැන් ඔබතුමන්ලාට මොනවාද දැනගන්න ඕන.."
මම අහද්දී ඇවිත් ඉදපු ටීවී චැනල් වල උන් උන්ගෙ මයික්ස් මගේ පැත්තට දික් කරේ ප්‍රශ්න පත්තරයක් අහන්න ලෑස්ති වෙන ගමන්..
"බොහෝ කෙටි කාලයක් ඇතුළත මන්ත්‍රීවරයෙක් වෙලා ඉදපු ඔබතුමා අමාත්‍යවරයෙක් බවට පත්වෙනවා.. වනාතමුල්ලෙ සිදු උන නිවාස ගිනි ගැනීම වගේම හිටපු අගමැතිතුමාට සිදු උන අනතුර පිටිපස්සෙත් ඔබතුමා ඉන්නවා කියලා පැතිරෙන කට කතා වල සත්‍ය අසත්‍යතාව අපිට දැනගන්න පුලුවන් ද.. ඔබතුමාට මොනවාද ඒ පිළිබඳ කියන්න තියෙන්නේ.."
ඒ ප්‍රශ්නෙත් එක්ක මගේ මූණෙ ඇඳුනෙ හිනාවක්..
"හිටපු වාසලබණ්ඩාර අගමැතිතුමා කියන්නේ මගේ සීයා.. මගේම සීයාට එහෙම දෙයක් කරලා මම මොනවා ලබාගන්න ද.. මගේ දේශපාලන ගමන සාර්ථක කරගන්න මට තියෙන ලොකුම හයිය තමයි එතුමා.. එහෙම එකේ මම මගේම සීයාට අනතුරක් කරලා ලබන ලාභෙ මොකක්ද.. එතුමාට සිදු උන අනතුරෙන් ලොකුම පාඩුව උනේ මට.. ඊට වැඩිය යමක් මං ඔබතුමන්ලාට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැනේ.."
"අපිට දැනගන්න පුලුවන් ද දැන් එතුමාගෙ තත්වය කොහොමද කියලා.. ඇයි ඔබතුමන්ලා මාධ්‍යයෙන් මේ පිළිබඳ හංගන්නෙ.."
"අපි මාධ්‍යයෙන් කිසිම දෙයක් හංගලා නැහැ.. මේ වෙද්දී එතුමා සුව වෙමින් පවතිනවා.."
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)