"තේව්.."
මට පිටුපාලා ඉදපු තේව් මං කතා කරනවා ඇහෙද්දීම කලබලෙන් පිටිපස්ස හැරිලා මගේ දිහා බැලුවා..
"තේනු.. ඇයි ඔයා මෙහේ ආවේ.."
"බබා මොකද මේ.."
එයාට උත්තරයක් දෙනවා වෙනුවට මං ඇස් වල කඳුලු පුරවන් එයා දිහා බලාගෙන ඉඳිද්දී එයා මාව අල්ලන්න හැදුවාත් ඒ යකඩ කූරු එයාව නතර කරා.. ජීවිතේ පළවෙනි වතාවට එයාගෙ ඇස් වලින් මං අසරණකම කියන දේ දකිද්දී මට එයා ගැන ඇති උනේ ලොකු දුකක්.. එහෙම්මම මම ඒ යකඩකූරු අත් වලින් අල්ලගත්තේ එයාට මගේ අත් අල්ලන්න ඉඩ දෙන ගමන්..
"අඬන්න එපා.."
දිග හුස්මක් පිට කරපු එයා මගේ අත් උඩ එයාගෙ අත් තියන ගමන් එහෙම කිව්වා..
"අඬන්නෙ නෑ.."
"එහෙනම් ඇයි ඔය ඇස් වල කඳුලු.. ම්.."
"මං අඬන්නෙ නෑ.."
"අඬ අඬා අඬන්නෙ නෑලු.. මගේ මැටි අලේ.."
"මං මැටි අලයක් නෙමෙයි.."
ඇස් වල කඳුලු පුරවගෙන කටත් උල් කරන් මම එහෙම කියද්දී එයා හිනා වුණා..
"ඔව් උඹ මැටි අලයක් නෙමෙයි අඬන බබෙක්.. පොඩ්ඩ ඇත්නම් ඇස් වල කඳුලු පුරවගන්නවා.."
"ඔයාට මේක පොඩි දෙයක් වගේද පේන්නෙ තේව්.. ඇත්තටම ඔයා කොහොමද මුකුත් නොවුන වගේ මෙහෙම හිරකූඩුවක් ඇතුළේ ඉන්නෙ අයියෙ.. අරහෙ ඔයාගෙ අම්මා නංගී අත්තම්මා හැමෝම බය වෙලා අඬනවා.. හරි කමක් නෑ.. ඒ හැමෝම අමතක කරන්නකො.. එතකොට මං.. ඔයාට මගේ වේදනාව තේරෙන්නෙ නැද්ද.."
"තේරෙන්නෙ නැතුව නෙමෙයි බං.. ඔයා හිතන්නේ මම ආසාවෙන් මේක ඇතුළේ හිර වෙලා ඉන්නවා කියලාද.. මායි මුන් ටිකයි එකතු වෙලා ඇත්තටම ඒ කෙල්ලව රේප් කරා නම් මෙහෙම ඉන්න උනාට මම දුක් වෙන්නෙ නැහැ.. ඒත් වරදක් නොකර දඬුවම් විඳින්න මේ රාවණන් කොහොමටවත් ලෑස්ති නැහැ.."
එයා කියපු වචනයක් ගානෙ කිව්වෙ ලොකු කේන්තියකින් වෙද්දී එයාගෙ හිතේ තියෙන්නේ මොන වගේ ප්ලෑන් එකක් ද කියලා තේරුම්ගන්න මම හුඟාක් උත්සාහ කරා..
"මං දෙයක් අහන්න ඔයා මට ඇත්තම කියනවාද.."
"අහන්න මොකක්ද.."
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)