32📖️

7.9K 1.2K 279
                                    

එයා යන්න ගිහින් අදට දවස් දෙකක්.. එදා රැයෙන් පස්සෙ එයාගෙන් කෝල් එකක්වත් මැසේජ් එකක්වත් නැති වෙද්දී මට ගොඩක් දුක හිතුණා.. අන්තිමට එයාට ඕන දේ ලැබුන නිසා දැන් එයාට මගෙන් වැඩක් නැද්ද.. ඒ නිසාද මාව අත් ඇරලා වෙන එකියක්ව බැඳගන්න හදන්නේ.. හිතට දාහක් දේවල් හිතෙද්දී මං ඒ හැමදෙයක්ම හිතේ හිර කරගෙන ගෙදර මිනිස්සු ඉස්සරහා හිනා වුණා.. සාමාන්‍ය විදිහට ඉන්න පුලුවන් තරම් උත්සාහ කරා.. ඒත් මගේ චූටි වෙනසක් උනාත් අඳුරන අම්මාගෙන් නම් මට ඇත්ත හංගන්න ලේසි උනේ නැහැ..

"ඔය ගහේ අතු සේරම කපන්න.. මේ බැල්කනි එකට පනින්න පුලුවන් වෙන්න එක අත්තක් ඉතුරු කරන්න එපා.."

"තේනූ මොකද දරුවෝ මේ.. ඇයි හදිසියේම අඹ ගහේ අතු කප්පවන්නෙ.."

"තේනූ.. තේනූ ඔහොම ඉන්නවා.." අම්මා කතා කරාත් ඇහුනෙ නෑ වගේ මං එයාටත් රවාගෙන ගේ ඇතුළට ඇවිත් අප්පච්චි දීපු චොකලට් එකක් අරන් කන්න ගත්තා..

"මම බලාගෙන දැන් දවස් දෙකක ඉදන් ඔයා මූණ එල්ලගෙන ඉන්නෙ.. දැන් ඔය අර ළමයා ආවේ නැති නිසාද.. ඒ දරුවාටත් වැඩ තියෙනවානෙ පුතේ.. උදේ වැඩට ගිහින් හවස ගෙදර එන විදිහෙ ජොබ් එකක් නෙමෙයිනෙ එයා කරන්නෙ.. පොඩ්ඩක් තේරුම්ගන්න බලන්න.."

"මට මුකුත් තේරුම්ගන්න ඕන නෑ.. මගෙ මිනිහාට වැඩිය එයාගෙ අප්පච්චි මට ආදරෙයි.." දිග හුස්මක් පිට කරපු අම්මා මගේ ළඟින් වාඩි වෙලා මගේ ඔලුව අතගෑවේ මං තේව් එක්ක තියෙන තරහට චොකලට් එක හයියෙන් හපලා කද්දී..

"දැන් ඔයා ඔය අඬනවාද පුතේ.."

"කවුද අඬන්නෙ.. මම අඬන්නෙ නෑ පිස්සුද.." අඬන්නෙ නෑ කිය කියාම මම කම්මුල් දිගේ පල්ලම් බැහැපු කඳුලු පිට අල්ලෙන් පිහිදැම්මා..

"තේනූ.. ඇයි අම්මාට බොරු කරන්නෙ ආ.. මගෙ පුතා කිව්වේ අම්මා ඔයාගෙ හොඳම යාලුවා කියලා නේද.." අම්මා ආයෙ ආයෙත් අහද්දී ඇස් වල කඳුලු තවත් හංගගෙන ඉන්න බැරි තැන මම අම්මාට තුරුලු වෙලා අඬන්න ගත්තා..

"අනේ අම්මා.."

"ඇයි දරුවෝ මේ.. මොකද උනේ කියලා කියන්නකො රත්තරන්.. ඔයාට මොකක්හරි අසනීපයක්වත්ද.."

රාවණන් [Completed]✅Opowieści tętniące życiem. Odkryj je teraz