71📖️

8.5K 1.3K 407
                                    

"ඒත් මම තමුසෙට කවදාවත් ආදරේ කරේ නෑ.."

"විහිලු කරන්නෙ මම නෙමෙයි ඕයි තමුසෙ.. කොහොමත් හරියටම බැලුවොත් මුල ඉඳන්ම විහිලුවක් උනේ තමුසෙම තමයි.."

"ඔව් බොරු කිව්වා හැබැයි ඒ තමුසෙට.. මං තමුසෙට ඇත්තට ආදරේ කරා නම් මේ කසාදෙ මගේ කැමැත්තෙන් උනා නම් තමුසෙගෙ ඔය අතේ අද මඟුල් මුද්දක් තියෙන්න ඕන නේද.. තමුසෙ හැමදාම ඉල්ලපු මඟුල් මුද්ද මම තමුසෙට නොදුන්න හේතුව තමයි මේක.."

"ඉන්න බැරි නම් ගඟක මුහුදක පැනලා මැරිලා පලයන්.. උඹ ජීවත් උනාත් නැතත් ඒක මට අදාල නෑ.. කොහොමත් මැරිලා යනවා නම් මට තවත් ලේසියි.. ඩිවෝස් වෙන්න උසාවි ගානෙ රස්තියාදු වෙන්න ඕන නෑනේ.."

"තේ..ව්.. එපා.. එ..පා.. තේව්ව්ව්.."

දාඩිය පෙරාගෙන නින්දෙන් කෑගහගෙන නැගිටපු මම ඇඳ උඩ වාඩි උනේ වේගෙන් ගැහෙන පපුවට අතක් තියන් උනාත් වැඩි වෙලාවක් මට එහෙම ඉන්න උනේ නැහැ.. හැමදාම වගේ අදත් උදේ පාන්දර මට ඔක්කාරෙට එද්දී අතින් කට වහගෙන මම බාත්රූම් එකට දිව්වා..

කටයි මූණයි සෝදගෙන සින්ක් එක දෙපැත්තෙන් අත් තියපු මං එහෙම්මම කණ්ණාඩියෙන් පේන මගේ රූපෙ දිහා බැලුවා.. එක තත්පරේකට මටත් මාව අඳුරගන්න බැරි වුණා ද කොහෙද..

මේ ගෙවිලා ගිය මාසෙට මං සම්පූර්ණයෙන්ම ඇදිලා ගිහින්.. නින්ද නැති රැයවල් කීයක් නම් ගෙව්වා ද කියලා මටවත් මතකයක් නොවෙද්දී හකු බැහැලා ඇස් වටේ කලු වෙලා තිබුණ මගේම මූණ මං අතින් අතගෑවා..

"අඬලාම ඇස් ඉදිමිලා.. දවස් ගානකින් කොණ්ඩෙ පීරලා නෑ.. උඹ මෙහෙම ඉන්නවා දැක්කොත් එයාගෙන් බැනුම් අහන්න වෙයි තේනු.."

මට ම කියාගත්ත මම ආයෙත් දුකෙන් හිනා වුණා..

"අමතක කරන්න.. බනින්නවත් එයා ආයෙ ඔයා ළඟට එන්නෙ නැහැනේ.. උඹට දැන් ඉන්නෙ උඹ විතරයි.. ඒ ඇත්තට මූණ දෙන්න බලපන්.."

එක තත්පරේකට මාත් එක්ක හිනා උන මං ඊළඟ තත්පරේ ආයෙත් අඬන්න පටන්ගත්තා.. ඇයි තේව්.. ඇයි ඔයා මට මෙහෙම කරේ.. පාඩුවේ ඉඳපු මාව හොයාගෙන ඇවිත් මාව ඔයාගෙ ජීවිතේට ලං කරගත්තෙ අතරමගදි මෙහෙම අත් ඇරලා දාලා යන්නද..

රාවණන් [Completed]✅Where stories live. Discover now