90📖️

10.4K 1.3K 453
                                    

"එයාගෙ මිනීමරුවා.."

තේව් කියද්දී මම එයා දිහා බැලුවේ පුදුමයෙන් උනාත් තත්පර ගානක් යද්දී එයා කියන්නෙ කවුරු ගැනද කියලා තේරුම්ගන්න මට අමාරු උනේ නැහැ..

තේව් දිහා බලපු මම ආයෙත් ඒ මිනිහා දිහාට හැරෙනවාත් එක්කම තේව් එයාගෙ කලිසම් සාක්කුවෙ තිබුණ ෆෝන් එක අතට අරන් සතීෂට කෝල් එකක් ගත්තා..

"ඌ ඇවිත්.."

"..................."

"හ්ම්.."

"..................."

"බය නැතුව ඉදපන්.. මේ වතාවෙ මිස් වෙන්න දෙන්නෙ නෑ.."

එහෙම කියපු තේව් කෝල් එක කට් කරලා තව කාටහරි මැසේජ් එකක් යවනවා මම දැක්කාත් මගෙ ඇස් නතර වෙලා තිබුණේ හේෂ්ගෙ ජීවිතේ උදුරගත්ත ඒ මිනිහා ළඟ වෙද්දී එයාව දැකපු ගමන් කිසිම කෙනෙක්ට එයා මිනීමරුවෙක් කියලා හිතන්න පුලුවන්කමක් තිබුණේ නැහැ..

"ඔයාට හොඳටම විශ්වාසයි ද මේ ඒ මිනිහාමයි කියලා.."

"මගේ හුස්ම වැටෙනකම් මට ඔය මූණ කවදාවත් අමතක වෙන්නෙ නෑ.."

තේව් කියපු දේත් එක්ක පුදුම උන මම එයා දිහා හැරිලා බලද්දී එයා මගේ කම්මුල උඩ අතක් තිබ්බෙ හැඟීම් විරහිත බැල්මකින් මගේ දිහා බලන ගමන්..

"එදා මාත් එතන ඉඳියා.."

මම හිතන්නේ මගේ ඇස් ලොකු වෙන්න ඇති.. මට මේ මුකුත් තේරෙන්නෙ නෑ.. ඇයි එයා ඒ ගැන මට කලින් නොකිව්වෙ..

"ඔයා මට කලින් එහෙම කතාවක් කිව්වේ නෑනෙ අයියෙ.."

"මම ඔයාට කිව්වෙ සම්පූර්ණ කතාවෙ සාරාංශයක් විතරයි.."

"ඔයායි සතීෂයි දෙන්නාම අයි විට්නස්ලා වෙලාත් ඇයි ඔයාලා මේ ගැන පොලිසියට කම්ප්ලේන් කරේ නැත්තෙ.."

"ඔයා නොදන්න ගොඩක් දේවල් තියෙනවා බබා.. මම ඔයාට පස්සෙ වෙලාවක ඒ හැමදෙයක්ම කියන්නම්.."

"හ්ම් ඒක නම් දැන් මටත් තේරිලා තියෙන්නෙ.."

"මොකක්ද.."

තේව් ඇහුවේ ඇහිබැමක් උඩට උස්සන ගමන් වෙද්දී මම එයාගෙ ඇස් දිහා කෙලින් බැලුවා..

රාවණන් [Completed]✅Where stories live. Discover now