'මිනීමරුවා..'
'තමුසෙ එයාලාව මරලා දැම්මා..'
'මම කියන දේ අ.....'
'කට වහනවා.. මට මුකුත් අහන්න ඕන නෑ තේව්.. තමුසෙ.. තමුසෙ ඇයි එහෙම කරේ කියනවා.. මගේ මුලු පවුලම උඹ නැති කරා යකෝ.. මම දැන් කොහොමද ජීවත් වෙන්නෙ..'
'ඒ මම නෙමෙයි.. ඇයි තේරුම්ගන්න බැ...'
'මම මගේ ඇස් වලින් දැකපු දේවල් බොරුයි කියලා ද කියන්නේ ආ.. තමුසෙ මගෙන් හැමදෙයක්ම උදුරගත්තා.. මට තවත් ජීවත් වෙලා වැඩක් නෑ.. ඔය අත් දෙකෙන්ම මාවත් මරලා දාපන්.. ඒත් එකක් හොඳට මතක තියාගන්න තේව්.. තමුන් මට මේ දීපු ගින්දර දවසක තමුන්ටත් පත්තු වෙයි.. උඹ විඳවයි තේව්.. කවදාහරි දවසක උඹ ආදරේ කරන එකායි උඹේ දරුවායි ඇස් පනාපිටම නැති උන දවසක උඹත් මම වගේම විඳවයි..'
'එපා.. ම...'
ඩෝං
'එපාආආ....'
"මන්ත්‍රීතුමා.."
"එපා.. එපා..."
"මන්ත්‍රීතුමා නැගිටින්න.."
"මම.. මම නෙමෙයි.. එපා.."
"තේව්.. මල්ලී නැගිටපන්.. ඒක හීනයක්.."
භයිරව්ගෙ කටහඬත් එක්ක ඇස් ඇරපු මම වේගෙන් හුස්ම ගන්න ගමන් ඇඳ උඩ වාඩි වුණා.. ඒත් එක්කම එයා දීපු වතුර වීදුරුව මම එක හුස්මට ඉවර කරලා ආයෙත් හිස් වීදුරුව එයා අතටම දුන්නෙ අත් දෙකෙන්ම මූණ පිරිමදින ගමන්..
"අයියේ.."
ඔව් මම භයිරව්ට අයියා කියලා කතා කරා.. ඌත් මට මල්ලී කියලා කතා කරා.. මොකද අපි අතර තිබුණේ මන්ත්‍රීතුමායි බොඩිගාඩ්ටයි එහා ගිය සමීප බැඳීමක්.. මගේම සහෝදරයා මට ද්‍රෝහිකම් කරද්දී ලේ බැඳීමක් ගෑවිලාවත් නොතිබුණු භයිරව් මට මගේම සහෝදරයෙක් හා සමාන වුණා.. කොහොමත් පහුගිය අවුරුදු දොළහ පුරාවටම හෙවනැල්ලක් වගේ මගේ ළඟින් ඉදපු භයිරව් මගේ ජීවිතේ හැම රහසක්ම දැනගෙන ඉඳියා..
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)