යක්ඛයන්ට රාවණ..
ද්‍රවිඩයන්ට ඉරාවනන්..
තෙළිගුන්ට රාවණසුර්දු..
නම් කීයක් කියලාද.. මණිමණ්ඨක.. යගු කෞරාණ.. ත්‍රිසිංහලාධීෂ්වර.. තුන්ලෝජිත්.. දස රාවණ.. දසිස්..
හාහ්..??
දසිස්..??
රාවණට ඔලු දහයක් තියෙලු..
මට හිනා ගියා.. මනුස්සයෙක්ට ඔලු දහයක් තියෙන්න පුලුවන් ද.. මොනතරම් නම් විහිලුවක් ද මේ...
වෛද්‍ය විද්‍යාව.. නක්ෂ්‍යස්ත්‍රය.. තාරකා විද්‍යාව.. සංගීතය.. නර්තනය.. කාව්‍ය ශාස්ත්‍රය.. ගුප්ත විද්‍යාව.. යන්ත්‍ර මන්ත්‍ර.. යුධ ශිල්පය.. පරිපාලනය..
මේ තමයි උන් රාවණාට තියෙනවා කියපු ඔලු දහය..
උන්ට රාවණා දෙවියෙක්ලු.. ඒත් මට රාවණ හැමදාම දුෂ්ටයෙක්..
මම වෛර කරා..
ඔව්.. මම වෛර කරා..
රාමාගෙයි සීතාගෙයි කතාව අහපු දවසෙ ඉදන්.. රාමායණය කියවපු දවසෙ ඉදන් මම ඒ ආදර කතාවෙ දුෂ්ටයා උන රාවණාට වෛර කරා..
රාවණාට විතරක් නෙමෙයි රාවණ නම ගෑවුන හැමෝටම මම වෛර කරා..
උන් අහනවා සීතාගෙ පිරිසිදුකම බලන්න ගින්නට පනින්න කියපු රාමාගෙ ආදරේ පිවිතුරුයි ද කියලා.. මං දන්නෙ නෑ.. උන්ට නම් එහෙම නෑලු.. හුස්මකින්වත් කිලිටි නොකර සීතාව රැකපු රාවණ උන්ට ශ්‍රේෂ්ටයිලු..
ආයෙත් මට හිනා ගියා..
වෙනත් කෙනෙක්ගෙ භර්යාවක් ස්පර්ශ කරොත් රාවණාගෙ හිස සත් කඩකට කැඩිලා යයි කියලා එදා නල කුබේර රාවණාට සාප නොකරන්න කාටද කියන්න පුලුවන් රාවණා සීතාව හුස්මකින්වත් ස්පර්ශ නොකර ඉඳියි කියලා..
හැමදෙයක්ම විහිලුවක් වගේ..
රාවණාගෙ ඉතිහාසෙ පොත් හොය හොයා කියවන ගමන් මම රාවණට වෛර කරන්න තව තව හේතු හෙව්වා..
වෙලාවකට හිතුනා මගේ හිතේ තියෙන මේ වෛරයත් එක්තරා විදිහක උමතුවක්ද කියලා.. මම රාවණාට වෛර කරද්දීත් ඇයි මේ තරමටම එයා ගැන හොයන්න උනන්දු වෙන්නෙ..
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)