"සර් අපි බෑග් එක හොයාගත්තා.. ඒත්....."
අවුරුදු හතලිස් පහක විතර සාජන් කෙනෙක් මූණත් රතු කරන් එහෙම කියද්දී රදීශ් එයා දිහා බැලුවේ ඇහිබැමක් උඩට උස්සලා..
"ඒත්..?? මොකක්ද ප්රශ්නේ.."
"මේ.. මේ.. බෑග් එකේ ඩ්රග්ස් නෑ සර්.."
"එහෙනම්..? ඩ්රග්ස් නෙමෙයි නම් බෑග් එකේ මොනවාද තියෙන්නේ අයිසෙ.." කේන්තියෙන් අහපු රදීශ් සාජන් අතේ තිබුණ බෑග් එක උදුරලා අරන් ඇරලා බැලුවාත් ඒකෙ ඇතුළේ තිබුණ දේ දැකපු එයාගෙ ඇස් නළලට ගියේ මම කුතුහලෙන් තේව් දිහා බලද්දී..
"මොනවාද ඒකෙ තියෙන්නේ.." මම හෙමීට කොඳුරලා අහද්දී එයා මගේ දිහා බලලා කට කොනකින් හිනා වුණා..
"අපිට ඉස්සරහට දිගටම ඕන වෙන දෙයක්.."
"හාහ්..?? ඒ මොනවාද.." මුකුත් හිතාගන්න බැරුව මම එයා දිහා බලද්දී එයා මට ඇහැක් ගැහුවා මිසක් මුකුත් කියන්න ගියේ නැහැ..
"තේව්.."
"ටිකක් ඉන්න.." එහෙම කියපු එයා මාව අත් ඇරලා රදීශ් ඉස්සරහට ගිහින් හිටගත්තා..
"ඉතිං ඉන්ස්පෙක්ටර් ඔයා හොයපු දේ හම්බවුණා ද.." තේව්ගෙ මූණ මට නොපෙනුනාත් රදීශ් නම් ඉදියේ තේව් දිහා බලන් කේන්තියෙන් අතක් මිට මොලවගෙන..
"තමුන් දිනුවා කියලා හිතන්න එපා මන්ත්රීතුමා.. අපි බලමුකෝ.. තමුන්ගේ ඔය වෙස් මූණ මේ රටේ මිනිස්සු ඉස්සරහා ගැලවෙන දවස වැඩි ඈතක නෑ.."
"කවුද වෙස් මූණක් දාගෙන මිනිස්සු රවට්ටන්නෙ කියලා මම වගේම ඉන්ස්පෙක්ටරුත් හොඳටම දන්නවානෙ.. මම තාම නම් දන්නෙ නෑ තමුන් කාටද වැඩ කරන්නෙ කියලා.. ඒත් එකදෙයක් අමතක කරන්න එපා.. තමුන් මොන දෙයක් කරාත් මම හැමදාම තමුන්ට වැඩිය එක පියවරක් ඉස්සරහින් ඉන්නෙ.." තේව් අන්තිම වචන ටික කිව්වෙ ඔලුව පැත්තට හරවලා ඇස් කොනෙන් මගේ දිහා බලන ගමන් වෙද්දී එයා අදහස් කරපු දේ් තේරුන රදීශ් මගේ දිහා බලලා මට රැව්වා..
"අමතක කරන්න එපා තමුන් කවුද කියලා තේනුල්ය.. මන්ත්රීතුමායි එයාගෙ පවුලේ අයයි තමුන්ගේ ඇත්ත දැනගත්ත දවසට තමුන්ට ආයෙත් මගේ ළඟටම එන්න සිද්ද වෙනවා.." තේව්ව පහු කරන් මගේ ළඟට ආපු රදීශ් රහසින් වගේ මට කියද්දී මම එයා ගැන තැකීමක් කරන්නෙ නැතුව නියපොත්තක් හපන්න ගත්තෙ අහක බලාගෙන..
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)