ටික්.. ටික්.. ටික්..
බිත්තියෙ එල්ලලා තිබුණ ඔරලෝසුවෙ තත්පර කටුව කරකැවෙන හඬ ඇරෙන්න අපි දෙන්නා හුස්මගන්න හඬක්වත් ඇහෙන්නෙ නැති වෙද්දී මං වගේම භවානුත් දෙන්නාට දෙන්නා දිහා ඇහිපිය නොගහා බලාගෙන ඉඳියා..
අයිගිරි නන්දිනි නන්ධිත මේධිනි
විශ්ව විනෝදිනි නන්ධනුථෙ
ගිරිවර වින්ද්ය සිරෝධි නිවාසිනි
විශ්ණු විලාසිනි ජිශ්ණු නුථෙ
භගවති හේ සිථි කන්ධ කුඩුම්භිනි
භූරි කුඩුම්භිනි භූරි කෘථෙි
ජය ජය හේ මාහීෂසුර මර්ධිනි
රම්ය කපර්ධිනි ෂ්යයිල සුථෙිහිත ඇතුළෙන් ඇහුන ඒ අඳුරන්නෙ නැති පිරිමි කටහඬ මොන මොනවාදෝ මුමුනද්දී මගේ ඔලුව පුපුරන්න වගේ ආවා...... එයා ඇඬුවා..... පපුව පැලෙන්න වගේ දැනෙන වේදනාව දරාගන්න බැරුව එයා කෑගගහා ඇඬුවා..... එයාගෙ ආදරේ උදුරගන්න එපා කියලා ඇඬුවා..... නළල පැලිලා ලේ ගලනකම් ඔලුව පොලවේ වද්දගන්න ගමන් ඇඬුවා.. ඒත්.... ඒත්..... උන් එයාගෙ ආදරේ උදුරගත්තා.... උන් එයා ඉස්සරහාම ඒ නපුරු ඇස් වල අයිතිකාරයාව මරලා දැම්මා... පාර පිට පාර වදින කඩු පාරවල් ඒ ඇඟ පසාරු කරගෙන යද්දී ඒත් ඒ ඇස් හිනා වෙවී එයා ළඟම නතර වෙලා තිබුණා.. එක තත්පරේකට අහකට නොගිය ඒ ඇස් අන්තිම හුස්ම ගෙවන තත්පරේත් එයා දිහා බලාගෙනම ඉඳිද්දී වඳින්න පුලුවන් හැම දෙවියෙක්ගෙන්ම උදව් ඉල්ලලා එයා වැඳ වැටුණා.... ඒත් නෑ... කවුරුත් ඒ කන්නලව් අහන්න ආවේ නෑ... එයාගෙ ඇස් වල කඳුලු දැක දැක උන් හිනාවෙද්දී ඒ අහිංසක මූණ සම්පූර්ණයෙන්ම වෙනස් උනා.. එයා දිව්රුවා.. කාලී මෑණියන් නමින් එයා දිව්රුවා..... උන් හැමෝගෙන්ම පලිගන්න එයා දිව්රුවා..
රුද්..
කිමද ඔබ මා මග හරින්නෙ..
නුඹ සිනහ සීමට නොදන්නෙහිද..
නුඹ වැනි ආඩම්බරකාර පුරුෂයෙක් මා මින් පෙර කිසි දිනෙක දැක නැහැ..
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)