රාවණ..
කාලයක් හදවතින්ම වෛර කරපු ඒ නමයි රූපෙයි දිහා මං ඇහිපිය නොගහා බලාගෙන ඉඳියා..
ඇත්ත.. මිනිස්සු වෙනස් වෙනවා.. තත්පරෙන් තත්පරේ දවසෙන් දවස උන් වෙනස් වෙනවා.. එහෙම නොවුනා නම් එදා රාවණ නමටත් වෛර කරපු මම අද මෙතන ඉන්නෙ නැහැනෙ.. කවුද හිතුවෙ ඒ උත්තමයාට වෛර කරපු මට අන්තිමට ඉතුරු වෙන එකම පිළිසරණත් ඒ දෙපා පාමුල විතරක්ම වෙයි කියලා.. ඇස් වල ලාවට කඳුලු පටලයක් ඇඳෙද්දී මම ඒ රූපෙ ඉස්සරහා මගේ අත් එකතු කරා..
"සමහරවිට මගෙ මේ ඉල්ලීම ආත්මාර්ථකාමී ඇති.. මං දන්නවා කවදාවත් රාවණ කියන නමටත් ගරු නොකරපු මට මෙහෙම ඉල්ලීමක් ප්‍රාර්ථනාවක් කරන්න කිසිම අයිතියක් නෑ කියලා.. ඒත්.. මං වෙනුවෙන් නෙමෙයි හැමදාම ඔබතුමාගෙ බැතිමතෙක් වෙලා ඉදපු එයා වෙනුවෙන්වත් මගේ මේ එකම එක ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා දෙන්න.. මට නැති උන මගෙ දරුවාව ආපහු මට ගෙනත් දෙන්න.."
මුලු වටපිටාවම බෙහෙත් සුවඳයි.. රාවණ පිළිමෙන් ඇස් අහකට ගත්ත මං වෙදගෙදර කසාය තැම්බෙන සුවඳට ඉව ඇල්ලුවා.. රාවණ යුගයෙදි තණකොල ගහේ ඉදන් බෝගහ වෙනකම් හැම පැළයක් ගහක් වැලක්ම ඖෂධ විදිහට පාවිච්චි කරා කියලා තමයි කියන්නෙ නම්.. වාල්මිකිගෙ රාමායණය කියපු හැමෝම රාවණ දුෂ්ටයෙක් යක්ෂයෙක් විදිහට දකිද්දී එදා මාත් අන්ධයෙක් වගේ රාවණට වෛර කරා නේද කියලා මට ආයෙ ආයෙත් මතක් වුණා.. තේව් මගෙ ජීවිතේට නොඑන්න සමහරවිට මම අදටත් රාවණට වෛර කරන්න ඉඩ තිබුණා..
වෙදමහත්තයාව හම්බවෙන්න ඇවිත් ඉන්න මිනිස්සු දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් ඉදපු මගෙ ඇස් හුරුපුරුදු රූපයක් ළඟ නතර වුණා.. එයාව මම මීට කලින් කොහේදි හරි දැකලා තියෙනවා උනාත් ඒ කොහෙදිද කියලා හරියට මතකයක් නැති වෙද්දී මං ටික වෙලාවක් ඒ කෙල්ල දිහා බලන් ඉඳියා..
"උඹ.. උඹ.. උදුරගත්තා.. උඹ එයාව මගෙන් උදුරගත්තා.."
"උඹට සාප වෙනවා.. මගේ ආදරේ උදුරගත්තාට උඹට සාප වෙනවා.."
"සමාවෙන්න මන්ත්‍රීතුමා.. මෙයා හිතලා නෙමෙයි කරේ.."
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)