23📖️

9.6K 1.3K 405
                                    

ලංකාධිපති රාවණ සිය ගෙලෙහි රන්දම්වැලකින් පැළඳ සිටි මිනිසෙකුගේ ඇඟිලි අස්ථි දෙකකින් යුක්ත පෙන්ඩනය වටා තම අතැඟිලි රැගෙන ගියේ නිහඬ කල්පනාවක නිමග්න වෙමින්.. සතුරන්.. සෑම තැනම සතුරන්.. සතුරන් වෙසින් සිටිනා සතුරන්.. මිතුරන් වෙසින් සිටිනා සතුරන්.. සොයුරන් වෙසින් සිටිනා සතුරන්..

'අවසන මා හට විශ්වාස කල හැකි එකදු අයෙක් හෝ මා සමීපයේ නොරැඳුනේ මන්ද..' ඔහු පහත් හඬින් විමසුවා..

'ඔබතුමන්ට මා විශ්වාස කල හැකියි ස්වාමිනී.. මා ඔබගේ පතිනියයි.. ඔබේ ප්‍රේමයේ හිමිකාරියයි..' ඇගේ පිළිතු⁣රෙන් ඔහුගේ මුවඟ රැඳුනේ උපහාසාත්මක සිනහවක්..

'මා පතිනිය.. හහ්හහ්හාාාා.. මා පතිනිය.. එසේයි නුඹ මාගේ පතිනියයි.. මේ රාවණයන්ගෙ අපරිමිත ප්‍රේමයේ හිමිකාරියයි.. නමුදු මා නුඹට පෙම් කල තරම් නුඹත් මා හට පෙම් කරනු ලැබුවා යැයි කියා නුඹට විශ්වාසයෙන් කිව හැකිද..'

'ඔබතුමන්.. ඔබතුමන් මා අවිශ්වාස කරන්නෙහිද ස්වාමිනී.. මා නුඹට සැබවින්ම ප්‍රේම ක.......'

'නුඹ සැබවින්ම මා හට ප්‍රේම කරන්නෙ නම් මාගේ මරණින් මතු නුඹ මා සොයුරා හා විවාහ වන්නේ කිමද මන්දෝදරී......' රාවණයන්ගේ හඬ කුටිය පුරා දෝංකාර දෙන්නට වූයේ ඇයගේ දෑස් විසල්ව ගොස් හඬමින් ඔහු දෙපා පාමුල ඇද වැටෙද්දී....

විශ්‍රවස් මුනිට දාව කෛසී දේවිය රාවණටත් කුම්භකර්ණටත් උපත දෙද්දී නාග ගෝත්‍රික දේවානි විභීෂණටත් සුපර්ණිකාටත් , රකා විසින් චර සහ දුෂාණටත් උපත ලබා දෙනවා.. එකම තාත්තාගෙ ලේ ඇඟේ දිව්වාත් රාවණ තමන්ගේ සහෝදර සහෝදරියන්ට ආදරයෙන් සැලකුවාත් අවසානයේ රාවණයන්ගෙ විනාශයට හේතු වන්නෙත් ඔහු දැඩි ලෙස විශ්වාස කරන තමන්ගේම අඩ සොයුරා සහ සොයුරිය..

හැම බැඳීමකටම වැඩිය ලේ බැඳීම ශක්තිමත්ලු.. ඒත් ඒක එහෙම්මද.. එහෙම උනා නම් ඇයි කතාව අන්තිමට රාවණට රාමා අතින් මැරෙන්න සිද්ද වෙන්නෙ.. සමහරවිට.. එදා සුපර්ණකා රාමා ලක්ෂ්මන ඉස්සරහට ගියේ නැත්නම්.. තමන්ට සිදු කල අපහාසය ගැන සුපර්ණකා රාවණට පැමිණිලි කරේ නැත්නම්.. තව.. විභීෂණගේ හිතේ මන්දෝදරී ගැන ආදරයක් ඇති නොවුනා නම්.. විභීෂණ තමන්ගේම සහෝදරයාව රාමාට පාවා නොදුන්නා නම් රාවණගේ අවසානය ⁣ඒතරම් ඉක්මනින් නොවෙන්න ඉඩ තිබුණා..

රාවණන් [Completed]✅Onde histórias criam vida. Descubra agora