51📖️

10.7K 1.4K 535
                                    

එය තවත් එක් හිරු බැස යන සන්ධ්‍යාවක් වූ අතර ඝන වනාන්තරය මැදින් තම අසු පදමින් සිටි අභීර එක් වරම කන වැකුණු බට නළා නාදය නිසාවෙන් අසු නතර කර අසු පිටින් බිමට බසිනු ලැබුවා..

"ඒ කවුරුන්ද.. මා මින් පෙර කිසිදු දිනෙක එවැනි සුමිහිරි බට නළා නාදයක් අසා නැහැ.."

බට නළා හඬ ඇසුන දෙසට අභීර සෙමින් ඇවිද ගිය මුත් එක්වරම එහි හඬ නැවතී ගිය නිසාවෙන් ඔහු කලබලයෙන් වට පිට බලන්නට වූ නමුත් සැනින් තුරුලතා අතරින් මතු වූ රුව ඔහුව මෝහනයට පත් කළා..

පුරුෂයෙක්..

නමුත් සුරඟනක් මෙන් ඔහු ඉතා සුන්දරයි..

එක් අතක බට නළාවක් අතැතිව සුදු පැහැ සලුපිළියෙන් සැරසී සිටි අනෙක් තරුණයා සිනාසෙමින් සමනලයෙකු පසුපස ඇවිද යන ආකාරය දෙස අභීර බලා සිටින්නට වූයේ වශීකෘතවයි..

"ආහ්හ්හ්..."

එහෙත් ක්ෂණයකින් වෘක්ෂ කඳක් මත සිටි විසල් සර්පයෙකු ඔහු ඉදිරියට පැමිණීමත් සමඟ එම තරුණයාගෙ මුහුණ භීතියෙන් සලිත වී ගිය අතර ඔහුගේ කෑගැසුම් හඬින් පියවි සිහියට පැමිණි අභීර තම ඉනෙහි වූ කිනිස්ස ගෙන එය සර්පයාගෙ හිස මැද්දෑවට ඉලක්ක කරනු ලැබුවේ සර්පයා එතනම නසා දමමින්..

එක්වරම සර්පයා වෙත එල්ල වූ ප්‍රහාරයත් හිසේ සිට පාදාන්තය තෙක්ම කලු පැහැ වස්ත්‍රයෙන් සැරසී සිටි කවුරුන්දැයි නොහඳුනන පුරුෂයාත් දුටු අනෙක් තරුණයා තරමක තිගැස්මට පත්ව ඇති බවක් මුහුණෙන් දිස් වූවත් අභීර ඔහුව නොදුටු ලෙස ඔහු පසු කරගෙන ගොස් නැවත තම කිනිස්ස සර්පයාගෙන් හිසෙන් මුදවාගෙන එය රෙදි කඩකින් පිස දමා බඳ පටියෙ වූ කිනිසි රඳවනය තුළට දමා ගනු ලැබුවා..

රාවණන් [Completed]✅Where stories live. Discover now