"අප්පච්චී.. අනේ අප්පච්චි මගේ තේව්.."
මං හොස්පිට්ල් එකට ආවෙ කොහොමදවත් කියලා මට මතක නැති වෙද්දී හොස්පිට්ල් කොරිඩෝ එකේ ඉදපු තේව්ගෙ අප්පච්චිව දැකලා දුවලා ගිහින් එයාට තුරුලු වුණා..
ඇතුළට එන්න හදන මීඩියාකාරයො නතර කරන්න පොලිසියෙන් දාලා ඉඳිද්දී අප්පච්චිට ටිකක් එහායින් නළල වගේම අතක් තුවාල වෙලා බෙහෙත් දාගෙන ඉන්න අජේ එක්ක කතා කරන DIG කරැල්ලියද්දවත් මම දැක්කා.. අජේ ඉන්නවා.. ඒත් තේව් භෛරව් සිරිමලා එයාලා කොහෙද.. එයාලාට කරදරයක් වෙලා නැතුව ඇති නේද..
"අප්පච්චි.. එයා.. අයියා කොහෙද අප්පච්චි.."
මං අප්පච්චි දිහා බැලුවේ එයාගෙ කමිසෙ අත් වලට මිරිකගන්න ගමන් වෙද්දී බලාගෙන ඉඳිද්දීම ඒ ඇස් වල කඳුලු පිරුණා..
"මගෙ කොල්ලාට ටිකක් අමාරුයි පුතේ.."
මේ මං අප්පච්චි අඬනවා දැකපු පළවෙනි වතාව වෙද්දී එක අතක් මගේ උරේ වටේ දාගෙන අනිත් අතින් එයා ඇස් මිරිකගත්තා..
"අනේ මට එයා බලන්න ඕනනෙ.."
"තාම ඔපරේෂන් එක ඉවර නෑ.."
"ඩොක්ටර්ස්ලා මොකද කියන්නේ අ......"
චටාස්
මම අප්පච්චිගෙන් අහන්න ගියාත් ඒත් එක්කම කවුරුහරි මගේ අතින් ඇදලා අරන් මගේ කම්මුලට ගැහුවේ මං කම්මුල අල්ලගනිද්දී වගේම අප්පච්චි කෑගහද්දී..
"තූර්යා.. තමුන්ට පිස්සු හැදිලා ද.. මොකක්ද මේ නටන නාඩගමේ තේරුම.. මිනිස්සුත් බලාගෙන ඉන්නවා.."
"මෙයා නිසා තමයි අප්පච්චි මේ හැමදෙයක්ම.. මගේ අයියාගෙ ජීවිතේට මෙයාගෙ හෙවනැල්ලක් වැටුනාත් ඇති එයාගෙ ජීවිතේට ප්රශ්න එනවා.. මෙයාව බැඳපු දවසෙ ඉඳන් එයාට සැනසීමක් තිබුණේ නැහැ.. දැන් ආයෙත් ඇවිත්...."
"තූර්යා නවත්තගන්නවා.."
"ඇයි මම කටවහගන්න ඕන.. මම කියන්නේ ඇත්ත.. ආදරෙයි කිය කියා අයියා එයාගෙ ජීවිතේට ලං කරගෙන තියෙන්නේ මහ කාලකණ්ණියෙක්.. අම්මායි තාත්තායි බඩේ ඉදපු දරුවායි මරාගත්තා මදිවාට දැන් තමුසෙ හදන්නේ මගේ අයියාවත් මරාගන්නද.."
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)