18📖️

12.4K 1.6K 344
                                    

"කොහෙද බං උඩ බලාගෙන යන්නෙ.. මම උ.... ඒ පොල්මලෝ මොකෝ මේ උඹ අඬන්නෙ.."

"අනේ ඒයි.. මගේ මන්ත්‍රීතුමාගෙ වයිෆියෝ.. මම ලොකු වරදක් කරානෙ.." කවදාවත් නැතුව සිරිමලා අඬනවා දකිද්දී මගේ හිතට දැනුණා මොකක්හරි නරක දෙයක් වෙන්න යනවා කියලා..

"මොකක්ද උනේ.. උඹ මොකක්ද කරේ.."

"මම උවමනාවෙන් කරේ නෑ ඒයි.. මගේ අම්මාගෙ ජීවිතේ අනතුරේ නිසා මට ඒ දේ කරන්නම වුණා.."

"මගෙන් කුනුහරුප නාහා  කියපන් මොකක්ද උඹ කරේ කියලා.."

සිරිමලාගෙ උරහිස් වලින් අල්ලලා මම සද්දෙන් අහද්දී ඌ අඬ අඬා උන හැමදෙයක්ම කිව්වේ මගේ ඇස් නළලට යද්දී..

"කවුරුහරි මගේ අම්මාව කිඩ්නැප් කරලා.. එයාලා මට කෝල් කරලා කිව්වා අර ඔයාගෙ ඉන්ස්පෙක්ටර් අරගෙන ආපු බෑග් එක එව්වෙ අපේ ඇමතිතුමා කියලා මන්ත්‍රීතුමාට කිව්වේ නැත්නම් මගෙ අම්මාව මරනවා කියලා.."

"මොකක්.. එතකොට.. කුඩු තිබුණ බෑග් එක තේව්ට ගෙනත් දුන්නෙ රදීශ් ද.."

"හ්ම් ඔව් ඒයි.. මගෙ මන්ත්‍රීතුමා හිතාගෙන ඉන්නෙ ඒක ඇමතිතුමා එවපු එකක් කියලා.. මගෙ මන්ත්‍රීතුමා හරි හොඳයි ඒයි.. එයා ඇමතිතුමා වගේ නරක වැඩ කරන්නෙ නෑ.."

"ඉතිං ඇයි තේව් එයාගෙ තාත්තාට කතා කරලා ඇහුවේ නැත්තෙ.."

"ඇමතිතුමායි අගමැතිතුමායි මේ දවස් වල ටුවර් එකක් ගිහින් ඉන්නෙ ඒයි.. ඔයා දන්නවානෙ ඒවාගෙ ගියාම එයාලාට හරියට වැඩ කියලා.. අනික අපෙ ඇමතිතුමා කාන්තා කටයුතු ඇමතිනෙ.. ඔය එක්කගෙන යන ගෑනුන්ගෙ යට ඇඳුමෙ ඉදන් හරියට තියෙද බලන්න ඕනනෙ අයියෝ ඕවාගෙ ගියාම.." මූ මගුලක් කතා කරනවා.. කවුද නොදන්නෙ ඔය ඇමතිලගෙ කෙරුවාවල් ගැන..

ඒත් තේව්... සිරිමලා කියන දේවල් ඇත්ත නම් දෙයියනේ එතකොට රදීශ් මට කියපු හැමදෙයක්ම බොරුද.. මට.. මට එයාට මේ ගැන කියන්න වෙනවා.. තවත් පරක්කු උනොත් එයා කරදරේ වැටෙයි..

"මම උඹ ගැන පස්සෙ බලාගන්නම් සිරිමලෝ.." කලබලෙන් එතනින් දුවපු මම ගේ පුරාම තේව්ව හොයන්න ගත්තා..

"තේව්.."

"තේව් කොහෙද ඔයා.."

"අයියේ.."

රාවණන් [Completed]✅Where stories live. Discover now