99📖️

9.7K 1.4K 368
                                    

"තේව්.."

"අනේ අහන්නකෝ.."

"මොනවාද සුදු මැණික මම අහන්න ඕන ම්...."

එයාගෙන් ගැලවිලා යන්න ගිය මාව බිත්තියයි එයාගෙ ඇඟයි අතරට හිර කරගත්ත තේව් කියද්දී මට හුස්ම හිරවෙන්න ආවා..

"ඔයා හිතන විදිහෙ දෙයක් නෙමෙයි ඒක.."

"කියන්නකො බලන්න මං හිතන විදියෙ දෙයක් නෙමෙයි කිව්වෙ මොකක්ද කියලා.."

"ඒක මේ.. මේ මේකයි.."

"කියන්න ඉතිං මම අහගෙන ඉන්නෙ.."

මගේ මූණට ලංවෙලා මාපටැගිල්ලෙන් කම්මුල පිරිමදින ගමන් එයා කියද්දී මං එයාගෙ ඇස් මග ඇරලා කාමරේ පුරාවටම ඇස් අරගෙන ගියා..

"ඒ කාලෙ මං රදීශ්ට ආ....... අහ් තේව්ව්.."

එයා එකසැරේටම මාව උස්සලා අරන් උරේ උඩින් තියාගනිද්දී මට කෑගැස්සුනා වගේම ඊලග තත්පරේ මාව ඇඳ විසි කරලා දාපු තේව් ඒ ගැම්මටම මගෙ ඇඟ උඩට ඇවිත් එයා ඇඳගෙන ඉදපු ටී ෂර්ට් එක ගලවලා මගේ අත් උඩට කරලා ගැට ගැහුවේ මං ඇස් දෙක ලොකු කරන් බලාගෙන ඉඳිද්දී..

"තමුසෙ මගේ.. මේ රාවණන්ගෙ විතරයි තේනු.. ඔය තොල් වලින් ඉඹින්න පුලුවන් මේ මාව විතරමයි.."

එහෙම කියාගෙන මගේ තොල් වලට නැඹුරු උන එයා රලු හාදුවක් පටන්ගත්තේ මේ රෑ ගොඩක් දිගයි කියලා මට පොරොන්දු දෙන ගමන්...........

     

                        🌼    🌼     🌼

කතාවක් තියෙනවා ජීවිතේ නරක කාලෙ ගෙවිලා ඉවර උනාට පස්සෙ හැමදෙයක්ම හොඳ විදිහට විසදෙනවා කියලා.. මං ඒක මුල ඉඳලාම විශ්වාස කරපු කෙනෙක්.. මගේ ජීවිතෙත් හැම ප්‍රශ්නයක්ම හොඳ විදිහට විසඳුනා.. මට ආදරේ කරන මගේම කියන පවුලක් හස්බන්ඩ් කෙනෙක් කොටින්ම කියනවා නම් මනුස්සයෙක් ජීවිතේ බලාපොරොත්තු වෙන හැමදෙයක්ම අඩුපාඩුවක් නැතුව අද මගේ ළඟ තියෙනවා.. ඒත් විශ්වාස කරන්න.. මම සතුටින් නෙමෙයි.. ලෝකෙට පේන්න හිනා උන මගේ හිත ඇතුළෙ කඳුලු ගඟක් ගැලුවා..

කසාද බැඳලා මාස තුනක් ගෙවුන තැන තේව් නොසෑහෙන්න බිසී වෙද්දී අපිට අපි දෙන්නා මුණ නොගැහි ගෙවුන දවස් සෑහෙන්න තිබුණා.. කොච්චර වැඩ තිබුණාත් එයා මට කෝල් එකක් බැරි නම් මැසේජ් එකක් දාලා හරි මං කාලා බීලාද මොකද කරන්නෙ කියලා හොයලා බැලුවා.. ඒත් කවදාවත් නැතුව එයාට මේ වතාවෙ මාව තේරුම්ගන්න බැරි වුණා.. වැඩත් එක්ක බිසී වෙන තැන මං දුකෙන් කියන එක එයාට අංශුමාත්‍රෙකින්වත් දැනුනේ නැහැ..

රාවණන් [Completed]✅Where stories live. Discover now