88📖️

8.5K 1.2K 433
                                    

"තේව්.. එයාව දෙන්නකො මගේ අතට.."

මම තේව් දිහා බලලා කියද්දී එයා පුදුමයෙන් වගේ මගේ දිහා බැලුවා..

"ඔයාට පුලුවන් ද.."

"දෙන්නකෝ.."

දෙන්න කිව්වාත් දෙනකම් බලාගෙන ඉන්නෙ නැතුව බලෙන්ම වගේ මං කෙළි පැටියාව මගේ තුරුලට ගත්තා විතරයි එයා අඬන එක නතර කරලා ඇස් දෙක කරකවන ගමන් මගේ දිහා බලන්න ගත්තා..

මම තේව් දිහා බැලුවා.. තේව්ත් මං දිහා බැලුවා.. කෙල්ල අපි දෙන්නාම දිහා බලලා මගේ ටී ෂර්ට් එකෙන් ඇදලා මොනවාදෝ කියන්න හැදුවා..

"ඇයි මැණික.."

මම අහද්දී එයා ඒ චූටි ඇඟිලි අතරට මගෙ ෂර්ට් එක ගුලි කරන් එයාගෙ පැත්තට ඇද්දා.. ආයෙත් මගේ පපුවට ගැහුවා..

එයාට බඩගිනි වෙලා කියලා තේරුම් යන්න මට වැඩි වෙලාවක් නොයද්දී හිතට දැනුණ අසරණකම නිසාම මගේ ඇස් වලට කඳුලු ඉනුවා..

"තේනු.. බබා තමුසෙත් මෙතන අඬන්න නම් තියාගන්න එපා.."

"එයා අඬනවානෙ.."

"ඒක තමයි කිව්වේ තමුසෙට නාඬා ඉන්න කියලා.. නැත්නම් අද මට සිද්ද වෙන්නෙ වෙඩින් රින්ග්ස් හදන්න දෙන්න යන එක පැත්තක තියලා තමුසෙලා දෙන්නාව නළවන්න.."

"ඉතිං මට ඇඬෙනවානෙ.."

මම නහය උඩට ඇදලා කට උල් කරගනිද්දී කෙල්ල  සද්දෙන් හිනා උනාම මායි තේව්යි දෙන්නාම එයා දිහා පුදුමයෙන් බැලුවේ එයා හිනා වෙවී ඉදලා ඇඟිල්ලක් කටේ ගහන් උරන්න ගනිද්දී..

අනේ එයාට බඩගිනි වෙලා..

"තූර්යා දුවාට කිරි දෙන්නෙම නැද්ද තේව්.."

"එයාට ළමයෙක් ඉන්නවා කියලා සිහියක් නෑ.. මහ රෑට බීගෙන ගෙදර එන්නෙ.."

පව් අසරණී.. දරුවො ඉන්න මිනිස්සු ළඟ ආදරේ නෑ.. ආදරේ තියෙන මිනිස්සුන්ට දරුවො නෑ..

"එයා අද ඉඳියා නම් මෙයාටත් වැඩිය වැඩිමල්.."

මගේ තුරුලෙ ඉදපු දුවා දිහා බලාගෙනම මට කියවෙද්දි තේව් මගේ ඔලුව අතගෑවා..

"දුක් වෙන්න එපා.. එයා ආයෙත් අපි ළඟට එයි.."

"හ්ම්ම්.."

රාවණන් [Completed]✅Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ