78📖️

7.1K 1.1K 324
                                    

"තේව් මගේ අත අතාරිනවා.."

"ඇයි මගේ කෝල්ස් ආන්සර් නොකරන්නෙ.."

මං තේව්ට මගේ අත අතාරින්න කිව්වාත් එයා කරේ මගේ අත තව තවත් තදින් අල්ලගන්න එකම විතරක් වෙද්දී මං එයාගෙන් ගැලවෙන්න දැගලුවේ වටපිට බලන ගමන්..

"මට කතා කරන්න දෙයක් නැති නිසා.."

"තේනු.."

"මෙතන පිස්සු නටන්න නම් හදන්න එපා.. මිනිස්සුත් බලනවා.."

"ඉතිං බලන්න කියනවා.. මම අතින් ඇල්ලුවේ මගේ එකාගෙ මිසක් උන්ගෙ එවුන්ගෙ නෙමෙයිනෙ.."

"ඇමතිතුමා.."

"තේනු මං මේ අන්තිම ඉවසීමෙන් කියන්නෙ.. මාව කේන්තිගස්සලා රට්ටු හිනස්සන වැඩ නොකර එනවා යනවා.."

"මට බෑ.."

තේව් කවුද කියලා අඳුරන නිසාම වටේ පිටේ ඉඳපු මිනිස්සු හැරිලා අපි දිහා බලද්දී මට දැනුනේ අපහසුතාවක්.. ඔන්න මේ වෙලාවට තමයි මට මේකාගෙ ඇට දෙක තලන්න හිතෙන්නෙ.. මූ ඇමති පුතා නෙමෙයි ගොං බූරු පුතා..

"තේව් අතාරින්න.."

"මගේ කාර් එක.."

"අතෑරපියකො මිනිහො.."

මම කොච්චර කෑගැහුවාත් එයා වගක්වත් නැතුව මගේ අතින් ඇදන් ඇවිත් එයාගෙ වාහනේට දාගත්තෙ මගේ දිහා රවලා බලන ගමන්..

"මං ය...."

"කියවගෙන ඇවිත් මට කියලා කට කඩාගන්න ලෑස්ති වෙන්න එපා.. මුරණ්ඩුකමේ සීමාවක් තියාගනින්.."

එයා මට රවද්දී මාත් ආපස්සට එයාට රැව්වා..

"මොකද ගුටිකන්න ආසද.."

"ගහනකම් මං බලාගෙන ඉඳියි.."

මුකුත් නොකියා කට කොනකින් හිනා උන එයා මගේ පැත්තට අත දික් කරා..

"කාර් කී එක දෙනවා.."

"මගේ ළඟ නෑ.."

"උඹට හොඳින් කිව්වාම අහන්නම බෑ නේද.."

එහෙම කියපු එයා බලෙන්ම මගේ කලිසම් සාක්කුවට අත දාලා කාර් කී එක ගත්තාම ආයෙත් එයාට රවපු මම අත් දෙක බැඳන් ෂටර් එකෙන් එළිය බලාගත්තා..

"භයිරව් ඔය කොල්ලෙක්ට කියපන් මෙයාගෙ කාර් එක ගෙදරට අරන් එන්න කියලා.."

රාවණන් [Completed]✅Opowieści tętniące życiem. Odkryj je teraz