"මාව මැරි කරන්න කැමතියිද.."
"ඒ ගැන නම් තව හිතන්න වෙනවා.."
මං කිව්වෙ කට කොනකින් හිනාවෙලා වෙද්දී බලාගෙන ඉඳිද්දීම තේව්ගෙ මූණ ඇද වෙලා ගියා..
"දැන් තමුසෙට බැරිද.."
"ආ ආ ඇයි මොකද ආ.. සද්දෙ දාගෙන එන්න එපා ඇමතිතුමා.. මට කියලා අනිත් අඬු දෙකත් කඩාගන්න තමයි ඔය දඟලන්නෙ.."
"බෑද කියපන්කො.."
"දෑවැද්දක් දීපන්.."
ඇඟට පතට නොදැනී මම කියද්දී තේව්ගෙ ඇස් නළලට ගියා..
"මොකක්.."
"මාව බඳින්න ඕන නම් දෑවැද්දක් දීපන්.. එහෙම ඉතිං ආවාට ගියාට මිනිස්සු එක්ක යන්න බෑනේ.."
"යකෝ උඹ නෙමෙයි මමනෙ දෑවැදි ඉල්ලන්න ඕන.."
"ඇයි යකෝ ඒක හරි කතාවක්නෙ.. ඒ මොකටද මම දෑවිදි දෙන්නෙ.. තමුසෙව බඳිනවාටද.. තමුසෙගෙ ඇඟට යටවෙනවාටද.. එහෙමත් නැත්නම් ගෙදර වැඩ කරනවාටද.. දෑවිදි දෙන්නම් තමුසෙ බොටමා වෙනවා නම්.."
"මට තුවාල වෙලා නොතිබුණා නම් උඹට මම බොටමා කවුද කියලා පෙන්නනවා.."
"ඒකත් මරු හලෝ.. වෙනසකටත් එක්ක ඔයා බො.... "
"තේනූ.."
මම තේව්ව අවුස්සගන්න හිතන් කියද්දී එයාගෙ මූණ ඇද උන අටපට්ටමක් වගේ වෙද්දී එයා මට කෑගැහුවා..
"බබා විහිලු නොකර අදවත් මට හරි උත්තරයක් දෙ......."
එයා සීරියස් කියද්දී එහෙම්මම පහත් උන මං එයාගෙ තොල් උඩ මගේ තොල් තියලා එයාව නිහඬ කරා..
"ඔයාට ඔයාගෙ උත්තරේ ලැබුණානෙ.."
"එහෙම බෑ.. කටින් කියනවා.."
"මම කැමතියි මෝඩ ඇමතියෝ.. ම්හුක්.. දැන්වත් දීපියකො.."
මම එයා දිහාට අත දික් කරද්දී එයා ඒ සැරේ මොකක්ද අහන්න වගේ ඇහිබැමක් උඩට ඉස්සුවෙ මං කට උල් කරගනිද්දී..
"මොකක්ද හලෝ තමුසෙ නම් පොඩ්ඩක්වත් රොමෑන්ටික් නෑ.. පිස්සු හුත්තා.. මගේ රින්ග් එක දීපිය මිනිහෝ.."
"ඒක මේ.. ඒක ඉතිං බං මෙහෙමයි.. මම මෙහෙම ඇඳක් උඩ පතබෑවිලා ඉඳන් කොහොම උඹට මුද්දක් දෙන්නද.. අනික උඹ මට ඔය වචනෙ කියන එක නවත්තපන්.. නැත්නම් කවදාහරි දවසක ලැබෙන පොඩි එකාත් මට අප්පච්චි වෙනුවට හුප්තා කියයි.."
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)