43📖️

8.6K 1.3K 514
                                    

මං දිව්වා..

ඉස්සරහාට හම්බවුන වාහන මිනිස්සු ගැන කිසිම තැකීමක් කරන්නෙ නැතුව රත්නෙ මාමාගෙ කඩේ ඉදන් මීටර් කීපයක් දුරින් තිබුණ කනත්ත ළඟට මම දිව්වෙ ඒ දේ ඇත්තක් වෙන්න එපා කියලා සිය දහස් වාරයක් හිතින් ප්‍රාර්ථනා කරන ගමන්.. පරිසරයේ තිබුණ සීතලක් උනාත් ඒ වෙද්දී මගේ මුලු ඇඟම දාඩියෙන් නෑවිලා තියෙද්දී කනත්තට ඇතුලු වෙන ගේට්ටුවට හේත්තු වෙලා මම හති ඇරියා..

පොලිස් වාහන වගේම පොලිස් ඔෆිසර්ස්ලාත් ඒ වෙද්දී එතනට ඇවිත් ඉඳිද්දී කනත්ත වටේට එකතු උන මිනිස්සු එකා දෙන්නාත් සිද්ද වෙන්නෙ මොකක්ද කියලා කුතුහලයෙන් බලාගෙන ඉඳියා..

කාලයක් තිස්සෙ අත් ඇරලා දාලා තිබුණ නිසාම වල් වැදිලා තිබුණ මේ කනත්ත පිටිපස්සට වෙන්න තිබුණේ තවත් පාලු ඉඩමක් වෙද්දී ඕනම කෙනෙක්ට මේ වගේ අපරාදයක් කරන්න මේක පහසුම තැනක් කියලා මට පළවෙනි බැල්මෙන්ම තේරුම් ගියා..

"මචං තේනුවා.." අයේෂ් ඇවිත් මගේ උරහිසට අතක් තියලා කතා කරත් මගේ ඇස් තාමත් තිබුණේ කනත්ත ඇතුළේ..

"මට.. මට එතනට යන්න බයයි බං.." මං ඇහෙන නොඇහෙන ගානට මිමිනුවේ ඇස් වලට උනපු කඳුලු හිර කරගන්න ගමන්..

මලීෂා මගේ එක කුස ඉපදුන සහෝදරියක් නොවී මට මේතරම් වේදනාවක් දැනෙනවා නම් මලීෂාගෙ තාත්තා විදිහට රත්නෙ මාමා මේ දුක කොහොම උහුලගන්නවා ඇතිද.. එතනට යන්න ඕන උනාත් ගිහිල්ලා ඒ ඉන්නෙ තමන්ගේ දරුවාද කියලා බලන්න ඕන උනාත් වැරදිලාවත් ඒ ඉන්නෙ මගේ කෙල්ල නම් මම කොහොමද දුක වාවගන්නෙ කියලා ඒ මනුස්සයාට හිතෙන් කී වතාවක් නම් මේ වෙද්දී හිතෙන්නෙ ඇතිද..

"හිත හයිය කරගනින් බං.. සිද්ද උන හැමදෙයක්ම දැන් වෙලා ඉවරයි.. අපි ගිහින් බලමු අපිට මොකක්ද කරන්න පුලුවන් කියලා.." අයේෂ් මගේ පිටට තට්ටුවක් දාලා කියද්දී දිග හුස්මක් ගත්ත මම හෙමින් ඇතුළට ඇවිදගෙන ගියා..

කනත්ත ඇතුළට අඩිය තියන වාරයක් ගානේ මගේ පපුව වේගෙන් ගැහෙද්දී තැනින් තැන ඉස්සිලා තියෙන සොහොන් කොත් වලිනුත් මට මලීෂාගෙ හිනා වෙන මූණ මැවිලා පේන්න ගත්තා.. ඒ නිසාම මම බිම බලාගෙන ඉස්සරහට ඇවිදගෙන ගියාත් එකසැරේටම කවුරුහරි මගේ පාර හරස් කරලා හිටගන්නවා දැනෙද්දී මම ආයෙත් ඔලුව උස්සලා බැලුවා..

රාවණන් [Completed]✅Donde viven las historias. Descúbrelo ahora