48📖️

6.9K 1.2K 273
                                    

"තේනු රදීශ්ව මැරි කරන්නෙ නැහැ.. මොකද එයා දැනටමත් මැරි කරලා ඉන්නෙ.."

එකසැරේටම ඇහුන කටහ⁣ඬින් දොර දිහා හැරිලා බලද්දී තේව් ගේ ඇතුළට ඇවිදගෙන එනවා දැකපු මම පුටුවෙන් නැගිට්ටේ අම්මාත් කිචන් එකේ ඉඳලා සාලෙට එද්දී..

"තමුන්.."

"තමුන් මොකද මගේ ගෙදර කරන්නෙ.."

තාත්තා තරහින් වගේ තේව්ගෙන් අහද්දී අම්මා බයවෙලා මගේ අතින් අල්ලගත්තා..

"මම ආවේ මගේ තේනුව බලන්න අප්පච්චි.."

තේව් හිනා වෙලා තාත්තාට අප්පච්චි කියද්දී තාත්තා අම්මා වගේම මාත් ඇස් ලොකු කරගත්තා.. ආයිෂ් මෙයා හදන්නෙ මට ගෙදර බත් කාඩ් එකත් නැති කරන්නද..

"අප්පච්චි..? කවුද මිනිහෝ තමුසෙගෙ අප්පච්චි.."

"මම දන්න තරමින් නම් තමන් කසාද බැදපු කෙනාගෙ තාත්තාට අප්පච්චි කියලා කතා කරාට කිසිම වරදක් නෑ.."

"කසාද බැදපු කෙනා..? තේනුල්‍ය.. මොනවාද මේ මිනිහා කියවන්නෙ.."

තාත්තා මගේ දිහා බලලා අහද්දී මම දෙන්න උත්තරයක් හිතාගන්න බැරුව අම්මාගෙ අත තද කරලා අල්ලගත්තා.. අද නම් අම්බානක කන්න වෙයි වගේ තේනුවෝ..

"තාත්තා.. මං.. මං මේ.."

"මං මං මොකක්ද.. තමුන් මොකද ගොතගහන්නෙ.."

"⁣ගොතගහන්නෙ නෑ.."

"ඔහොමද මම තමුන්ට කතා කරන්න පුරුදු කරලා තියෙන්නෙ.. ආ තේනුල්‍ය.. හොරෙක් වගේ බිම බලන්නෙ නැතුව කතා කරද්දී මගේ ඇස් දිහා කෙලින් බලලා කතා කරනවා.."

තාත්තා මට සැරෙන් කියද්දී මම තේව් දිහා බැලුවාම එයා මගේ දිහා ඇහිබැමක් උඩට උස්සලා බලලා කට කොනකින් හිනා උනේ මම එයාට රවද්දී.. හිනාවෙන කැත විතරක්.. ⁣තාත්තා මෙතන ඉදියේ නැත්නම් අම්මපා අද මම මේකාගෙ දත් දෙක තුනක් බඩට යවලා නවතින්නෙ.. ඔය කිව්වාට උඹට එහෙම කරන්න බෑ බං.. උඹ ලොක්කා වගේ පොර ටෝක් දුන්නාට තාත්තාට වගේම මිනිහාටත් පණ බයයිනේ.. මගේ යටිහිත මාත් එක්ක තර්ක කරද්දී මම මගේම කම්මුලට ගහගත්තා..

"පුතා.. පිස්සු ද.."

"මදුරුවෙක් අම්මා.."

හේතුවක් නැතුව මම මගේම කම්මුලට ගහගන්නෙ පිස්සුවටද කියලා අම්මා ඇහුවාම මං කටට ආපු බොරුවක් කියලා දැම්මා..

රාවණන් [Completed]✅Kde žijí příběhy. Začni objevovat