52📖️

9.6K 1.4K 391
                                    

"ඒ උනාට මට බඩගිනියි.. මං මට විතරක් නෙමෙයිනෙ කන්නෙ.."

"මොකක්.."

"මම ඉතිං කනකොට කන්නෙ මගේ වටේ පිටේ ඉන්න එවුන්ටත් එක්කනෙ ඒකයි හිහී.."

මම දත් ටික විරිත්තලා කියද්දී යාදව් අයියා මට රැව්වා..

"ඇත්තද.. නැතුවට කමක් නෑ.. උඹ උඹේ කටින් කාපන්.. අපි අපේ කටින් කන්නම්.. අනික උඹට ඔහොම කන්න දෙන්න නම් අරූට කොමිස් ටොන් ගනන් ගහන්න වෙනවා.. නැද්ද බං අයියේ.."

"පොඩි එකාට පාඩුවේ ඉන්න දීපන් බං.. උඹත් කෙක්ක වගේ පැටලෙන්නමනෙයි බලන් ඉන්නෙ.."

"ඒක තමයි.. මගේ ලොකූ විතරයි හොඳ.. මම තමුසෙට චුට්ටක්වත් ආදරේ නෑ.."

මම යාදව්ට දිව ඇද්දා..

"ආ එහෙමද මල්ලී.. කවදාහරි අඬාගෙන වරෙන්කො මගේ ළඟට අයියෙ මට අර මිනිහාව ඩිවෝස් ක...... ආව්ව් යකෝ.. මගේ කොණ්ඩෙ අතෑරපන්.."

පිටිපස්සෙ ෂීට් එකේ මාත් එක්කම වාඩි වෙලා ඉදපු යාදව් අයියාගෙ කොණ්ඩෙන් ඇදලා අරන් මම එයාගෙ ඔලුව හොලවලා කන හැපුවාම ඒකා කාර් එක දෙක වෙන්න කෑගැහුවා..

"අඩෝ තේනුවා.. උඹ ඔය අයියාව මරන්න ද හදන්නේ.."

"තෝ කටවහපන් හිටපන් අයේෂයො.. මේකාට මෙහෙම තමයි කරන්න ඕන.. නැත්නම් මේකා ඩිවෝස් වෙන්න කියන වචනෙ කියලාම මගෙ කසාදෙ කටු ගෑවිලා යනවා.."

"යකෝ තෝ මගේ කොණ්ඩ ගස් පහක්ම ගලවලා.. දීපන්.. එකකට දාහ ගානෙ පහට පන්දාහක් දීපන්.."

"පන්දාහක්.. පන්දාහක් නෙමෙයි දෙනවා මම තමුසෙට ගුටි පූජාවක්.."

"ගහන්න එපා හු## තෝ හාල්මැස්සා වගේ ඉඳියාට ඔය කටු අතින් වදින පාරවල් නොසෑහෙන්න රිදෙනවා.. උඹට ෂුවර්ද උඹ වෙට් කෙනෙක්මයි කියලා.. උඹ නිකන් ගහන්නෙ පොලිස්කාරයෙක් වගේනෙ.."

යාදව් අහද්දී මටයි අයේෂ්ටයි එකසැරේ මූණට මූණ බැලුනා.. ⁣මගේ ඇත්ත දන්න එකම කෙනා තේව් විතරක් වෙද්දී තමන්ගේ සහෝදරයො උනාත් එයාලාට ඇත්ත හංගනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ..

"මොකෝ උඹලා දෙන්නා ඔහොම බලන්නෙ.. වැරදිලාවත් උ...."

"පිස්සුද.. මට ඔය පොලිස්කාරයො පෙන්නන්න බෑ.. මනුස්සකමක් ගෑවිලාවත් නැති තිරිසන්නු.."

රාවණන් [Completed]✅Where stories live. Discover now