63📖️

9.3K 1.3K 519
                                    

"තේනු.."

"ඇයි මේ.. මොකද උනේ කියපන්කො පණ.."

තේව් බය වෙලා මගේ කම්මුල් දෙකෙන් අල්ලගෙන අහද්දී ඇස් වල කඳුලු පුරවන් මම එයා දිහා බැලුවා..

"මං.. මං ඩොක්ටර් ළඟට ගියා.."

"ඩොක්ටර් ළඟ⁣ට.. ඇයි.. මොකද උනේ.. මට කියපන් රත්තරන්.. ඔයා අසනීපෙන්ද.. කොහෙද රිදෙන්නෙ.."

"මට කලන්තයක් ආවා.."

"ඒ මොකද.. ඔයා දවල්ට කාලා නෙ ඉන්නෙ.."

"ඩොක්ටර් කිව්වා මහන්සි වෙන්න එපා කියලා.."

"ඉතිං ඇයි හිටගෙන ඉන්නෙ.. එන්න ඇවිත් වාඩි වෙන්න.."

එයා කලබලෙන් මගේ අතින් අල්ලගෙන එතනින් යන්න හැදුවාත් මම එයාගෙ අතින් අල්ලලා නතර කළා..

"මට සියඹලා කන්න ඕන.."

"සියඹලා කෑවාට බඩ පිරෙන්නෙ නෑනෙ.. ඔහො......"

"තේව්.."

"ටිකක් ඉන්න.. සිරිමලා උ...."

"අයියෙ අහන්නකො.."

"ඔහොම ඉන්නකෝ බබා.. ඔයාට කන්න ම...."

"ඔයා අප්පච්චි කෙනෙක් වෙන්න යන්නෙ.."

අන්තිමට මම ඒක කිව්වා.. කියනවාද නැද්ද කියලා හිතින් දහස් වාරයක් හිතුවාත් නොකියා ඉන්නවා කියලා පැයකට කලින් වෙනකම්ම හිතාගෙන ඉඳියාත් ඩොක්ටර් ළඟට ගියාට පස්සේ මගේ හිත වෙනස් වුණා.. මගේ බඩේ ඉන්න අපේ මේ දරු පැටියාට මට වගේම එයාටත් අයිතියක් තියෙනවා.. ඇත්ත හංගලා එයාට සතුටු වෙන්න තියෙන අයිතිය මට උදුරගන්න හිතුනේ නැහැ.. අපි දෙන්නාම එකතු වෙලා පටන්ගත්ත මේ ජීවිතේ දුකේදි වගේම සතුටෙදිත් එයා ළඟින් ඉන්න මම පොරොන්දු වුණා..

මම දන්නෙ නෑ මං තේව්ගෙන් දකින්න බලාපොරොත්තු උන හැඟීම මොන වගේ එකක්ද කියලා.. ඒත් තත්පර එකක් දෙකක් විදිහට තත්පර ගානක් ගෙවිලා යනකම් එයා වචනයක්වත් නොකියා පුදුමයෙන් වගේ මගේ දිහා බලාගෙන ඉඳිද්දී මගේ හිතට බයක් දැනුණා..

එයා..

එයා අපේ දරුවාව පිළිගන්න එකක් නැති වෙයිද..

"තේව් ම......."

මම ආයෙත් කතා කරන්න හැදුවාත් එකසැරේටම මගේ අතින් අල්ලගත්ත තේව් වචනයක්වත් නොකියා මාව එයාගෙ ඔෆිස් රූම් එකට එක්කගෙන ඇවිත් ඇතුළෙ තිබුණ සෝෆා එකෙන් වාඩි කරලා මගේ ඉස්සරහා දණ ගැහුවා..

රාවණන් [Completed]✅Onde histórias criam vida. Descubra agora