03📖️

14.7K 1.7K 569
                                    

යක්බයන්ගෙ ගෘහ නිර්මාණ ශිල්පියෙක් උන මයදානවගෙත් ආකාශ අප්සරාවක් උන හේමාවගෙත් දුව..

මන්දෝදරී..

රාවණයන්ගෙ අපරිමිත ආදරේ එකම හිමිකාරී..

එදා මගේ හදවතේ දෙවියන්ට වගේම අද මේ රාවණන්ටත් එයාගෙ එකම ආදරේ හිමිකාරයා හම්බවුණා..

කවදාවත් ආදරේ කරන්නෙ නෑ කියපු මේ රාවණන්ගෙ හදවතට පලවෙනි බැල්මෙන්ම රිංගන්න ඒ පුංචි කොල්ලාට පුලුවන් වුණා..

මම වශී වුනේ ඒ රූපෙට ද එහෙමත් නැත්නම් ඒ අහංකාරකමට ද කියලා මට තාම හිතාගන්න බැහැ..

හේතුව මොකක් උනාත් මට දැන් එයාව ඕන..

ඒ දවසකට දෙකකට නෙමෙයි.. මුලු ජීවිත කාලෙටම..

හොඳින් නැත්නම් නරකින්..

උඹට සදහටම මේ රාවණන්ගෙ වෙන්න සිද්ද වෙනවා මගේ මන්දෝදරී..

අද වෙනකන් මම කැමති කෙල්ලොන්ට කියලා හිතාගෙන ඉදියාත් ඒ කොල්ලාව දැක්කාට පස්සෙ මට තේරුම් ගියා මම බයි කියලා..

කාරණා මන් කියන්නම්
පෑරෙනා හිත හදන්නම්
වේදනා පිස නිවන්නම්
රාවණා මා
මන්දෝදරී...

පද තාලෙට මුමුණන ගමන් මම සද්දෙන් හිනා වුණා..

"අඩෝ උඹ හිනා වුණා.." රශ් කිව්වේ හරියට හිනාවෙන මනුස්සයෙක් ඌ ජීවිතේ පළවෙනි වතාවට දැක්කා වගේ..

"ඒ බං යශ්.. කියපන්.. උඹත් දැක්කා නේද මූ දැන් හිනාවෙනවා.. එහෙම නැත්නම් මගේ ඇස් වල අවුලක් ද.."

"ඇස් දෙක ගලවලා අතට ගන්න හදන්නෙ නැතුව ඉදහන් බූරුවෝ.. මූ හිනා වුණා තමයි.. මාත් දැක්කා.. උඹට සැක නම් ඔය ඩ්‍රයිවර්ගෙනුයි භයිරව්ගෙනුයි අහලා බලපන්කො.."

"ඈ යකෝ මොකක්ද බං ඒ සිද්ද උන විපර්යාසෙ.. කියහන්කො තේව්.. උඹට යකෙක් ගැහුවාද.." රශ් ආයෙත් ඇහුවේ මගේ මූණට එබෙන ගමන්..

"උඹලා දන්නවාද රාවණ තමයි අපෙ රටේ පළවෙනියටම දෑවැද්දක් එක්ක ගෑනියෙක් ගත්ත පිරිමියා.. රාවණ මන්දෝදරීව බදින දවසේ දායාදයක් විදිහට මන්දෝදරීගෙ තාත්තා රාවණට ත්‍රිශූලයක් දීලා තියෙනවා.. ඊට පස්සෙ තමයි ඔය දෑවැදි ක්‍රමේ ඇති වෙලා තියෙන්නේ.." රශ් අහපු ප්‍රශ්නේට උත්තරයක් දෙනවා වෙනුවට මම එහෙම කිව්වා..

රාවණන් [Completed]✅Where stories live. Discover now