45📖️

6.6K 1.1K 302
                                    

"තමුන් මේ රෑ ඔය කොහෙද යන්න හදන්නෙ.."

උඩ තට්ටුවෙ ඉදලා පඩිපෙළ බැහැලා ආපු මං තාත්තාගෙ කටහඬින් ඉදපු තැනම නතර වුණා..

"අලුත් කේස් එකේ වැඩකට එළියට යනවා.."

මං කිව්වේ බොරුත් නෙමෙයි.. කිඩ්නැප් කේස් එක ගැන බලන්නත් තියෙනවා.. මලීෂා ගැන බලන්න හොස්පිට්ල් වගේම තේව්ව බලන්න පොලිස් ස්ටේෂන් එකට යන්නත් ඕන..

"දැන් කොහෙවත් යන්නෙ නෑ.. වෙඩින් එක ඉවර වෙනකම් තමුන්ට මේ ගෙදරින් එලියට බහින්න තහනම්.."

"තාත්තා.. ඔයා කියන විදිහට මට ගෙදරට වෙලා ඉන්න බෑ.. මං ජොබ් එකක් ක......"

මං කියන්න ගිය දේ තාත්තා අතර මැදින් නතර කරේ මගේ දිහා රවලා බලන ගමන්..

"මං රදීශ් එක්ක කතා කරා.. මැරි කරාට පස්සෙ තමුන්ට පුලුවන් ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර ඉන්න.."

තාත්තා ආයෙ ආයෙත් කසාදයක් ගැනම කියද්දී මගේ ඔලුව කැක්කුම තවත් වැඩි උනා වගේම මං අතින් නළල මිරිකගත්තා..

"මේ කසාදෙ වෙන්නෙ නෑ.."

"තේනුල්‍ය.."

"තාත්තා කොච්චර මට බැන්නාත් ගැහුවාත් මගේ තීරණේ වෙනසක් සිද්ද වෙන්නෙ නැහැ.."

"තමුන් හිතාගෙන ඉන්නවා නම් තමුන්ට ඕන ඕන විදිහ අර මන්ත්‍රීකාරයා එක්ක මගුල් නටන්න ඉඩ දීලා මං බලාගෙන ඉඳියි කියලා ඒක තමුන් දකින හීනයක් විතරයි පුතේ.. මේ තාත්තා ජීවත් වෙලා ඉන්නකන් ඌට තමුන්ව අයිති කරගන්න මම ඉඩ දෙන්නෙ නෑ.. අනික ඔයා ඔය හිතාගෙන ඉන්න තරම් හොඳ මිනිහෙක් නෙමෙයි ඌ.. දැක්කෙ නැද්ද නිවුස්.. පොඩි කෙල්ලෙක්ව දූෂණය කරා කියලා මිනිහාව පොලිසියෙන් ඇරෙස්ට් කරලා.. සීයා වගේම තමයි මුනුබුරාත්.."

"තේව් වරදක් කරේ නෑ.."

"මොකක්ද.. මොකක්ද තමුන් කිව්වේ.."

"තාත්තාට ඇහුන දේ තමයි මං කිව්වෙ.. තේව් වරදක් කරේ නැහැ.. ඒක මට හොඳටම විශ්වාසයි.."

"උඹ.. උඹ ඒ මිනිහාට රැවටිලා ඉන්නෙ තේනුල්‍ය.. උඹ ඌට සම්පූර්ණයෙන්ම රැවටිලා ඉන්නෙ.. රදීශ් පුතා හරි.. උඹට නිදහස දීලා මම ලොකු වරදක් කරගත්තෙ.. ආයෙ සැරයක් මගෙන් ගුටි නොකා පලයන් කාමරේට.."

රාවණන් [Completed]✅Opowieści tętniące życiem. Odkryj je teraz