26📖️

11.7K 1.6K 262
                                    

එක තත්පරේකට මගේ හුස්ම නතර උනා වගේ මට දැනුණා..

"තේනු.."

"තේනු බබා කතා කරනවා.."

"ඔයාට මොකද උනේ.. ඇයි කතා නැත්තේ.."

"කවුද උඹලා.. එයාව අතෑරපන් යකෝ.."

"ඔහොම ඉදපන්.."

අනිත් පැත්තෙන් තේනුගෙ නොවෙන වෙන පිරිමි කටහඬක් ඇහෙද්දී මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.. මගෙ කොල්ලාට කරදරයක්වත්ද..

"හෙලෝ.."

"තේනු.."

"මැණික මාව බය නොකර කතා කරපන් පණ.."

"තේනූ.."

"හෙලෝ.." ඒත් එක්කම අනිත් පැත්තෙන් කවුරුහරි කතා කරද්දී මම ෆෝන් එක තද කරලා අල්ලගත්තේ මගෙ පපුව වේගෙන් ගැහෙද්දී..

"කවුද මේ.. කොහෙද තේනූ.."

"ඔය කවුද කතා කරන්නෙ.."

"මම තේනුගෙ හස්බන්ඩ්.. මගේ කොල්ලාට මොකද උනේ.. කොහෙද එයා.. එයාට කරදරයක් නෑනෙ.. උත්තර දීපන්.."

"හස්බන්ඩ්...?? මේ මන්ත්‍රීතු...."

"ඔව් යකෝ මම තේව් වාසලබණ්ඩාර තමයි.. මාව යකා කරගන්නෙ නැතුව තේනුට මොකද උනේ කියපන්.. උඹ කවුද.."

"මම අයේෂ්.. තේනුල්‍යගෙ යාලුවා.. එයාව සෙට් එකක් වෑන් එකකින් ඇවිත් ඉස්සුවා.."

"මොකක්.. ඉස්සුවා කියන්නෙ.. කොහෙදිද.. කවුද.. උන් කවුද කියලා අඳුරගන්න පුලුවන් උනාද.. වාහනෙ මොකක්ද.." කොන්ඩෙ අතින් අදින ගමන් මම කලබලෙන් පඩිපෙළ දිගේ පහළට දිව්වා..

"තේනුවාගෙ ගෙදර ඉස්සරහදීමයි.. එතන ඉදපු එකෙක් මම ලාවට වගේ අඳුරගත්තා.. මම හිතන්නේ උන්...."

"කවුද.. ඉක්මනට කියපන් කවුද උන්.. මොන ප## ද මගෙ තේනුව අරන් ගියේ.."

"මාළිගාවත්තෙ රංජිගෙ ගෝලයෝ.."

"රංජි.. රංජී.. රංජී... තෝ ප# බ##.. අද මම තෝව මරනවා.. භයිරව්ව්.." එහෙම්ම කෝල් එක කට් කරපු මම සද්දෙන් භයිරව්ගෙ නම කියලා කෑගැහුවා..

"තේව්.. පුතා මො....." මම කෑගහගෙන පහළට දුවද්දී අම්මා මගේ අතින් අල්ලන්න හැදුවාත් මම එයා දිහා බලන්නෙවත් නැතුව ගෙදරින් එලියට දිව්වා..

රාවණන් [Completed]✅Where stories live. Discover now