94📖️

9K 1.3K 281
                                    

"මේරි අම්මා.."

"චූටි බේබි.."

අප්පච්චි එක්ක කතා කරලා කිචන් එකට ආපු මම පුදුම උනේ කවදාවත් නැතුව අද අම්මා වෙනුවට රෑට මේරි අම්මා කෑම හදනවා දැකලා.. මං මෙහේ ඉදපු මාස ගාන පුරාවටම දැකපු දෙයක් තමයි මොන වැඩක් තිබුණාත් අම්මා එයාගෙ අත් දෙකෙන්ම රෑ කෑම අපිට හදලා දෙනවා..

"කෝ අම්මා.."

"ලොකු මැඩම් දවල් ඉදන් ඔලුවෙ කැක්කුමයි කියලා නිදි චූටි බේබි.."

"අම්මා දවල්ට කෑවාද.."

"මම කෑම ගෙනිහින් දුන්නා.. කන්න බෑ කිව්වා බේබි.."

පව් මගෙ අම්මා.. එයා දුකෙන් ඇත්තෙ.. අවුරුදු විසි හයක් තිස්සෙ මැරුනා කියලා හිතපු තමන්ගෙ දරුවා ජීවත් වෙනවා කියලා දැනගත්තාම එයා මෙහෙම වෙන එක පුදුම වෙන්න දෙයක් නෑ.. සමහරවිට අම්මාට හිතෙනවා ඇති එයා නිසායි මේ හැමදෙයක්ම උනේ කියලා..

"මේරි අම්මා ⁣ඔයා යන්න ගිහින් ටිකක් නිදාගන්න.. උදේ පාන්දර නැගිටපු වෙලේ ඉදන් වැඩනෙ.. මම කෑම හදන්නම්.."

"අනේ බේබි කොහොමද තනියම මේ උයන පිහින වැඩ කරන්නෙ.. බේබි ඉන්නකො.. මම ඉක්මනට කෑම හදලා ගන්නම්.."

"එහෙනම් මෙහෙම කරමු.. අපි දෙන්නාම එකතු වෙලා අද රෑට උයමු..."

එහෙම කියපු මම ගිහින් මේරි අම්මා හදන්න අරන් තිබුණ එළවලු බැලුවා..

"මොනවාද මේරි අම්මා හදන්න ගත්තෙ.."

"බත් හදන්න කියලා ලෑස්ති උනේ බේබි.. මම මේ එලවලු සුද්ද කරන්න හැදුවේ.."

අතින් නහයට තට්ටු කරන ගමන් මම එළවලු දිහා බැලුවා..

"ඕවා අරන් ආපහු අරන් තියන්න මේරි අම්මා.. අද රෑට අපි ඉඳිආප්ප හදමු.."

"චූටි බේබිට තේරෙනවාද ඕවා කරන්න..  බේබි ආස නම් මම හදලා ගන්නම්.."

"මං දන්නවා අෆ්ෆා.. ඉස්සර අම්මාත් එක්ක එ......."

කියන්න ගියපු දේ මම අතරමඟ නතර කරගත්තා.. මට අම්මාවයි තාත්තාවයි මතක් වුණා.. මගේම අම්මා තාත්තා නොවීත් ඒ දෙන්නා මට මොනතරම් නම් ආදරයක් දුන්නාද.. ඇත්තටම ගොඩක් පින් මාව ඔයාලාගෙම දරුවෙක් වගේ හදාගත්තා.. ජාති ජාතිත් මට ඒ ණය ගෙවලා ඉවර කරන්න බැරි උනාත් මං ප්‍රාර්ථනා කරනවා ඉපදෙන ආත්මෙක ඔයාලා මගේම දරුවො වෙලා හරි ඉපදෙන්න කියලා.. එතකොට මටත් පුලුවන් ඔයාලා මාව බලාගත්තා වගේම ආදරෙන්ම ඔයාලාවත් බලාගන්න..

රාවණන් [Completed]✅Where stories live. Discover now