68📖️

9K 1.4K 372
                                    

පාන්දර දෙකත් පහුවෙලා පාරේ බල්ලෙක්වත් නැතිවෙද්දි ගෙදරින් එළියට දාපු මගේ කාර් එක කිලෝමීටර් බාගයක් වගේ යද්දී නතර කරන්න සිද්ද උනේ පාර හරහා නතර කරලා තිබුණ ජිෆ් එකක් නිසා.. කවුරුහරි කෙනෙක් ජිෆ් එක උඩ වාඩි වෙලා ඉන්නවා පෙනුනාත් කලුවර නිසාම ඒ කවුද කියලා මට පැහැදිලිව බලාගන්න පුලුවන් උනේ නැහැ..

"මොන හු###.."

දෙතුන් වතාවක්ම හෝර්න් එක ගහලාත් වාහනේ අයින් කරගන්නෙ නැති වෙද්දී මම කේන්තියෙන් කාර් එකෙන් එළියට බැස්සා..

"කන් ඇහෙන්නෙ නැද්ද අයිසෙ.. ඔය මගුල අයින් කරගනින්.."

"සුදු මැණික එහෙනම් අපි ආයෙත් හම්බවුනා.."

"ශාමේන්.."

මූණ නොදැක්කාත් කටහඬින්ම මනුස්සයා කවුද කියලා පැහැදිලි වෙද්දී මගේ අත ඉබේටම ටී ෂර්ට් එක පිටිපස්සට යද්දී ඌ හිනාවෙන ගමන් වාහනෙන් බිමට බැස්සා..

"ආයුධ පාවිච්චි කරලා අපි ඔයාගෙ ඔය ලස්සන ඇඟට තුවාල කරගන්නෙ නැතුව මේ ගැන කතා කරලා විසඳගමු මගේ මැණික.."

"මට තමුසෙත් එක්ක නාස්ති කරන්න වෙලාවක් නෑ අයිසෙ.. ඉක්මනට කියනවා තමුන්ට මොකක්ද වෙන්න ඕන.."

"ඔන්න ඔන්න ඉතිං මගේ රෝස මලට හරියට කේන්ති යනවානෙ.."

මගේ ළඟට ඇවිදගෙන ආපු ශාමේන් මගේ ඉස්සරහින් හිටගෙන හිනාවෙලා සිගරට් එක බිමට දාලා පෑගුවේ දුම් වලාවක් පිට කරන ගමන් වෙද්දී මම අතින් මගේ නහයයි කටයි වහගත්තෙ මගේ බඩේ දරු පැටියෙක් ඉන්නවා කියලා මතක් උන නිසා..

තේව් යන්න එපා කියද්දී ආවාට මට හොඳ වැඩේ.. මේ දරුවා නිසා එයා මගේ ළඟදි සිගරට් බොන එකත් නතර කරා.. එයා මේක දැක්කා නම් මගේ කම්මුල රත් වෙන්න පාරක් කන්න වෙනවා..

"මාව හොයාගෙන අපේ ගෙදරට ආවා කියලා අයියා මට කිව්වා.. මට දැ....."

"ඒ තමුන් ද.. අර පොඩි කෙල්ලට ඒ වගේ අපරාදයක් කරේ තමුන්ද.."

ශාමේන් කතා කරලා ඉවර වෙන්න කලින් මම මැද්දෙන් පැන්නා..

"උත්තරේ දැන දැනම ඇයි අහන්නෙ.."

රාවණන් [Completed]✅Where stories live. Discover now