10📖️

13.1K 1.6K 652
                                    

"මාත් එක්ක නිදියන්න.."

මම එයාගෙ හිත රිද්දුවා කියලා තේරෙද්දි පරක්කු වැඩි උනාත් එයා මට කරපු දේත් එක්ක මට එයාගෙන් සමාව ඉල්ලන්න හිත හදාගන්න බැරි වුණා.. ඒත් එයා දුකෙන් ව⁣ගේ යන්න යද්දී මගේ හිතට කියාගන්න නොතේරෙන මොකක්දෝ වේදනාවක් දැනුන නිසාම මම එයාගෙ අතේ එල්ලුනා.. මට ඕන උනේ විහිලුවක් හරි කරලා ආයෙත් එයාගෙ මූණට හිනාවක් ⁣ගේන්න..

"මොකක්..?"

එයා මගේ දිහා ඇහිබැම රැළි කරගෙන බලද්දී තමයි මට තේරුනේ මං කියපු දේ එයා වරදවා තේරුම් අරගත්තා කියලා..

ඔය කරේ.. අම්මපා තේනුවෝ උඹ මොළේ උඩ වාඩි වෙලාද ඉන්නෙ කියලා පොඩ්ඩක් බලපන්.. ඒත් ඒකට කලිසම ගලවන්න වෙනවානෙ.. ඒ සැරේ මේකා කියයිද දන්නෙ නෑ මගේ ලෑලි පු# දැකලා නැග්ගා කියලා.. මොකටද ඉල්ලන් කන්නෙ.. තනියම ඉන්න වෙලාවකම බලනවා.. ම්හුක් කැත නැතුව මගේ බෝල පස්සට මූ ලෑලියි කිව්වානෙ.. හෙන ගහන කතා ඕවා..

"නෑ.. මේ.. මං කිව්වෙ මාත් එක්ක ඇඳේ නිදියමු කියලා.."

මං එයා දිහා බලලා දත් තිස් දෙකම විරිත්තද්දි රැවුලා දමාගෙන රැව්වා නේද මගේ මූණෙ පැත්තක්ම පිච්චිලා යන්න..

"ඕන නෑ.. තමුසෙ නිදාගන්නවා.. මං යනවා.."

එයා යන්න හැදුවාත් මම ආයෙත් එයාගෙ අතේ එල්ලුනා..

"කොහෙද යන්නෙ.."

"දිව්‍යලෝකෙ.. ඇයි තමුසෙත් එන්නද.."

"මරුනෙ.. අලියාගෙ වලිගෙ එල්ලිලා ද යන්නෙ.."

"නෑ මගේ ප## එල්ලිලා.. කිව්වා කියලා හිතාගනින් උඹට.." ඇස් දෙක ලොකු කරගෙන මම එයාගෙ ඉනෙන් පහළ බලද්දීම මේකා මට දබරැඟිල්ල දික් කරානෙ..

"මොනවාද තමුසෙ බලන්නෙ.."

"ඇයි දැන් ඔයා කිව්වෙ ඕකෙ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න පුලුවන් කියලා.."

"උඩට.. ඇස් දෙක උඩට.. බලන්නෙ නෑ පහළ.. අම්මපා මූ අහිංසකයි වගේ ඉදියාට මහ වල් පාත්තයෙක්නෙ.."

"මම ද මිනිහෝ වල් පාත්තයා.. තමුසෙනෙ දැන් කීවේ තමුසෙගෙ ඔය.. ඔය මෙව්වා එකේ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න පුලුවන් කියලා.. " ඇස් කොනෙන් ආයෙත් මම එයාගෙ කලිසම දිහා බලන්න ගියාත් ⁣එයා මගේ දිහා රවාගෙන බලන් ඉන්නවා දැකපු නිසා මම මුකුත් නොදන්න අහිංසකයා වගේ අහක බලාගත්තා..

රාවණන් [Completed]✅Where stories live. Discover now