Craig B. Little ගේ Deviances and Control: Theory Research and Social Policy කියන පොතේ තියෙනවා ස්ත්‍රී දූෂණයක් කියන්නේ පැහැදිලිවම ලිංගික කාර්යයක් උනාත් ඒකෙ ප්‍රධාන අරමුණ ලිංගික තෘප්තියක් ලබා ගැනීමම නෙමෙයි කියලා.. බලය ආධිපත්‍යය වගේම ශාරීරික පීඩනය ඇති කිරීම තමයි ස්ත්‍රී දූෂණ සියයට අනූ නමයකම මූලික අරමුණ වෙන්නෙ.. මලීෂාට සිද්ද උන දේත් ඒ වගේ.. එයාව ශාරිරිකව පීඩාවට පත් කරලා ඒ දේ කරපු උන් කවුරු උනාත් බලාපොරොත්තු උනේ තේව්ව වරදට අහු කරන්න.. ඉතිං මේ කේස් එකේ ප්‍රධානම අරමුණ බලය.. කවුරු උනාත් මේක පිටිපස්සෙ අනිවාර්යයෙන්ම දේශපාලන බලවේගයක් තියෙනවා.. මොකද තේව්ට තරහකාරයෝ ඉන්නවා නම් ඒ දේශපාලනේට මොන විදිහකින් හරි සම්බන්ධ අය විතරයි..
මලීෂාට සිහිය ආවා කියලා රත්නෙ මාමා කිව්වාත් මට එයාට මූණ දෙන්න එයාව බලන්න යන්න හිත හදාගන්න බැරි වෙද්දී මං එහෙම්මම එතන තිබුණ බිත්තියට හේත්තු වුණා.. එයා ළඟට ගිහින් මම මොනවාද කියන්නේ.. එයාව උන්ගෙන් බේරගන්න බැරි උනාට සමාව ඉල්ලන්නද.. බැරි වෙලාවත් මට එයා ඉස්සරහා ඇඬුනොත් එහෙම කෙල්ලට තව දුක හිතෙයි.. තමන් ගැනම අනුකම්පාවක් ඇති වෙයි..
මම ඔයාලාගෙන් ප්‍රශ්නයක් අහන්නම්.. නිකමට හිතන්න තමන්ගේ සහෝදරියක්ට මේ වගේ කාලකණ්ණි අත්දැකීමකට මූණ දෙන්න උනා කියලා.. ඔයාලා කොහොමද ගිහින් එයා එක්ක ආපහු කතා කරන්නෙ.. ආපහු ඒ මූණ දිහා බලන්නෙ.. දෙයියනේ මේ ලෝකෙ කිසිම සහෝදරයෙක්ට සහෝදරියක්ට කවදාවත් මට වගේ මෙහෙම අසරණ වෙන්න ඉඩ දෙන්න එපා.. ඒ වේදනාව දරාගන්න හරි අමාරුයි.. වේදනාව දරාගන්න බැරි තැන උන්ව මරාගෙන මැරෙන්න හිතෙන තරමේ කේන්තියක් මේ වෙලාවේ මට දැනෙනවා..
"මලීෂා කතා කරාද රත්නෙ මාමෙ.."
අයේෂ් රත්නෙ මාමාගෙන් අහනවා මං අහගෙන ඉඳියා..
"කෙල්ල දොස්තර මහත්තුරු එක්කවත් වචනයක් කතා කරලා නෑ මහත්තයො.. ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා.. අනික......."
එතනින් බාගෙට නතර කරපු රත්නෙ මාමා එයාගෙ ඇස් වලට උනපු කඳුලු අතින් පිහිදගත්තා..
"අනික මොකක්ද.." මෙච්චර වෙලා නිශ්ශබ්දව ඉදපු මම අන්තිමට කටහඬ අවදි කරා..
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)