"අයියේ.."
"කට වහනවා.. වචනයක් කතා කරන්නෙ නෑ.."
මම එයාගෙ බෙල්ල වටේ අත් දාලා එයාට තුරුලු උනාත් එයා මගේ අත අහකට තල්ලු කරේ මාව එයාගෙ ළඟින් ඈත් කරන ගමන් වෙද්දී කේන්ති ගිහින් ඉදපු එයා රවලා බලනකොට මම කට උල් කරන් කුකුල් පෙඳේ වගේ තිබුණ මගේ චූටි කොන්ඩෙ අතින් අල්ලගත්තේ බිම බලන ගමන්..
ම්හුක්.. මගේ නාකි ඇමතියාට කේන්ති ගිහින් ද මන්දා.. දැන් කොහොමද යාලු කරගන්නෙ.. මේකාත් වෙලාවකට මහම මහ පිස්සු හුත්තෙක්..
"තේනු.. තමුසෙ ඔය මට හිතින් බනිනවා එහෙම නෙමෙයිනෙ.."
එයා අහද්දී ඔලුව උස්සලා බලපු මම නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා..
"අපෝ නෑ.. බනින්න හිතුවෙවත් නෑ.. සත්තයි.. පොල්මලා පල්ලා.."
"මගෙ ඇමති.... ආහ්හ්.. අයියෝ අප්පා මගේ කොන්ද.."
ඒත් එක්කම ගේට්ටුවෙන් ඇතුළට ආපු සිරිමලා ගලක පැටලිලා මුනින් අතට ඇදගෙන වැටෙද්දී මූ කොන්ද අල්ලගෙන නාහෙන් අඬන්න පටන්ගත්තේ මගේ කට ඇරිලා ඇස් දෙකත් නළලට යද්දී වෙද්දී තේව් මගේ දිහා ඇහිබැමක් උඩට උස්සලා බැලුවේ මම එයාට දත් තිස් දෙකම විරිත්තලා අහිංසක හිනාවක් දාද්දී..
"මොකාද යකෝ පාර මැද ගලක් තියපු එකා.. ආර්හ්.. මගේ කොන්ද.. සිරිමල් අයියාගෙ කොන්ද ඉවරායි.. තොපි බකන්හුලාගෙන බලන් ඉන්නෙ ඇවිත් මාව උස්සපන්.."
බිම පතබෑවිලා ඉදපු සිරිමලා අත් දෙක ඉස්සරහාට දික් කරද්දී තේව් අතින් නළල මිරිකගත්තා..
"බොරු නැතුව නැගිටලා වරෙන්.. උඹේ කොන්ද නෙමෙයිනෙ ඇනුනෙ.."
"ආ කොන්ද නෙමෙයිද.."
එහෙම අහපු සිරිමලා ඔලුව හරවලා පස්ස බලද්දී මගේ මූණට ආපු හිනාව මං අමාරුවෙන් නතර කරගත්තා..
"තේනු අයියා.."
තේව් නිසා මට නෙතූව අමතක වෙලා යද්දී ඒත් එක්කම නෙතූ කතා කරද්දී මම එයා දිහා හැරිලා බැලුවාම එයා මගේ දිහා බලාගෙන ඉඳියේ බය වෙලා වගේ වෙද්දී මං දැක්කා භයිරව් රහසින් තේව්ගෙ කනට කරලා මොනවාද කියලා..
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)