"අපෙ නෝනෙගෙ කාර් එක.."
"අංකල් ගෙදර බත් කාඩ් එක කපාගන්න වැඩක් ඕක.."
"ඒ මම පැරදුනොත්නෙ.. උඹ මොකක්ද ඔට්ටුවට දාන්නෙ කොල්ලො.."
"අප්පච්චිගෙ ### හන්දියෙ බාර් එක.."
"වික්‍රමනායකයා උඹේ ඔලුව කයි.."
"ඒ මාත් පැරදුනොත්නෙ.."
යාදව් අයියා තේව්ගෙ අප්පච්චි දිහා බලලා කට කොනකින් හිනා වුණා.. අනේ මන්දා මේ දෙන්නා දැන් පැයක විතර ඉඳන් කාඩ් ගහනවා.. තාම ඇඳගෙන ඉන්න ඇඳුම විතරයි ඔට්ටුවට දැම්මෙ නැත්තෙ..
"අප්පච්චියෝ.."
"මයෙ බෑනෝ.."
මම කතා කරාම අප්පච්චි මගේ දිහා බැලුවා..
"මගේ මිනිහාවත් ඔට්ටුවට දාන්න බැරිද.."
"මගේ ගෑනිව ඔට්ටුවට දැම්මාත් මයෙ කොල්ලාව නම් දාන්න බෑ පුතෝ.."
"ඒ මොකද.."
"උගේ අම්මාව මතක් වෙන්න මට ඉන්නෙ ඌ විතරනෙ බං.."
නිතරම හිනාවෙලා ඉන්න අප්පච්චිගෙ මූණෙ දුක හිතෙන හිනාවක් ඇඳුනා.. අනේ එයා තේව්ගෙ අම්මාට හරි ආදරෙයි වගේ..
"අප්පච්චි මුකුත් හිතන්නේ නැත්නම් මම ප්‍රශ්නයක් අහන්නද.."
"මම මොනවා හිතන්නද බං.. අහපන්.."
"අප්පච්චි වැඩියෙන් ආදරේ තේව්ගෙ අම්මාටද නැත්නම් දැන් ගෙදර ඉන්න අම්මාටද.."
"මගේ ජීවිතේ මම ආදරේ කරේ එකම එක ගෑනියෙක්ට විතරයි.. එයා මාව දාලා යන්න ගියාට පස්සෙ මගේ ජීවිතේ තිබුණේ වගකීම් ඉෂ්ට කරන්න ඕන කියන හැඟීම.. ඒ නිසා එතනින් එහාට මම ගත්ත හැම තීරණයක්ම ගත්තෙ මගේ කොල්ලා වෙනුවෙන් මිසක් මගේ සතුට වෙනුවෙන් නෙමෙයි.."
මට දුක හිතුණා.. කොහොම මොන විදිහෙ මනුස්සයෙක් උනාත් තේව්ගෙ අප්පච්චි අදටත් තේව්ගෙ ඇත්ත අම්මාට හරි ආදරෙයි.. ජීවත් උන ටික කාලෙට උනාත් එහෙම ආදරයක් ලබන්න අම්මා හුඟාක් වාසනාවන්තයි..
"තේව්ගෙ අම්මා අප්පච්චි ළඟ සතුටින් ඉන්න ඇති.."
"ඒක එහෙම උනේ නෑ පුතේ.. එයා කවදාවත් මගේ ළඟ සතුටින් ඉඳියේ නෑ.."
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)