"තේව් වාසලබණ්ඩාර.. බාල වයස්කාර කෙල්ලෙක් සමූහ දූෂණයට ලක් කරපු වරදට අපිට තමුන්ව වගේම තමුන්ගේ බොඩිගාඩ්ස්ලාව අත් අඩංගුවට ගන්න සිද්ද වෙනවා.."
රදීශ්ගෙ කටින් පිට උන ඒ වචන මගේ කන් ඇතුළේ දෝංකාර දෙද්දී මම ඇස් වල කඳුලු පුරවන් තේව් දිහා බලාගෙන ඉඳියා..
"රදීෂ් ඔයා මොනවාද මේ කියන්නේ.. මගේ අයියා කවදාවත් එහෙම දෙයක් කරන්නෙ නැහැ.."
"කරුණාකරලා අපේ රාජකාරියට බාධා කරන්න එපා මිස් තූර්යා.. එහෙම උනොත් මට සිද්ද වෙනවා තමුන්වත් ඇරෙස්ට් කරන්න.." තූර්යා රදීශ්ව නතර කරන්න හැදුවාත් රදීශ් දීපු උත්තරෙත් එක්ක තූර්යාගෙ ඇස් නළලට ගියා..
"රදීශ්.."
"මට නමින් කතා කරන්න තරම් අපි දෙන්නා අතර පෞද්ගලික සම්බන්ධයක් තියෙනවා කියලා මං හිතන්නේ නෑ.."
"රදීශ් ඔයා මොනවාද මේ කි...."
"නංගී ඇති.." තූර්යාගෙ කියන්න ගියපු දේ අතරමග නතර කරපු තේව් එයාගෙ අතින් අල්ලලා අම්මා ළඟට කරා..
"අනේ පුතේ.."
"අඬන්න එපා අම්මා.. අම්මාට අම්මාගෙ පුතාව විශ්වාස නම් අඬන්න එපා.." තේව්ගෙ අම්මා එයාගෙ අතේ එල්ලිලා අඬන්න ගනිද්දී තේව් අම්මාගෙ නළල ඉඹලා ඔලුව අතගෑවා..
"මන්ත්රීතුමාගෙ ඩ්රාමා එක ඉවර නම් අපි දැන් යමු.." රදීශ් ඇහුවේ කට කොනකින් හිනාවෙලා වෙද්දී තේව්ත් අමුතුවට හිනාවෙන ගමන් රදීශ් දිහා බැලුවා..
"ඉන්ස්පෙක්ටර්ට මාව ඇරෙස්ට් කරන්න හදිස්සියි වගේ නේද.."
තේව් එහෙම අහද්දීම රදීශ් අතමිට මොලවලා තේව්ගෙ මූණට ගහද්දී තේව්ගෙ අම්මා වගේම තූර්යාත් කෑගැහුවා..
"සාජන් මුණසිංහ.. දාපන් මුන් ඔක්කොටම මාංචු.. මන්ත්රීතුමාගෙ කටු කන බල්ලෝ.. තෝයි තොගේ බොඩිගාඩ්ස්ලායි එකතු වෙලා අහිංසක කෙල්ලෙක්ගෙ ජීවිතේ නාස්ති කරා මදිවට දැන් කියවගෙනත් එනවාද.. ආහ්.. මොකද බල්ලො තෝ හිනාවෙන්නෙ.. උඹට අද මම......"
තොල අග තිබුණ ලේ බිංදුව මාපටැගිල්ලෙන් පිහිදලා ආයෙත් රදීශ් දිහාට හැරුණු තේව් කට කොනකින් හිනාවෙද්දී රදීශ් දෙවනි වතාවටත් තේව්ට ගහන්න හදද්දීම මම එයාගෙ අතින් අල්ලලා අත අහකට තල්ලු කරා.. එහෙම්ම රදීශ්ගෙ බෙල්ල අතින් තද කරලා අල්ලගන්න ගමන් එයාගෙ ඉනේ තිබුණ පිස්ටල් එක අරන් මම එයාගෙ නළලට තිබ්බෙ කේන්තියෙන් දත් මිටි කන ගමන්..
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)