89📖️

9.5K 1.3K 569
                                    

"තේව්ගෙ ඔලුවට විස පුරවන්න එපා පුතේ.."

තේව්ගෙ අම්මා කියද්දී මම එයා දිහා බැලුවේ පුදුමයෙන්..

"අම්මා.. මම එ......."

"මං දන්නවා අපේ පවුලේ අය එකතු වෙලා ඔයාගෙ කියන හැමදෙයක්ම ඔයාගෙන් උදුරගත්තා කියන්න.. ඔයාට දුක ඇති.. කේන්තිත් ඇති.. ඒත් එහෙමයි කියලා මගේ දරුවො අතර ප්‍රශ්න ඇති කරවන්න එපා.."

"මට තේරෙන්නෙ නෑ ඇයි අම්මා ඔහොම කියන්නේ කියලා.. මම මොකක්ද කරේ.. තූර්යාගෙ වැරදි වලට තේව් එයාට ගහපු එකට ඇයි අම්මා මට ඔහොම කතා කරන්නෙ.. එතනදි මම වචනයක්වත් කිව්වේ නෑ කියලා අම්මා දැක්කානෙ..."

"තේව් ඉස්සර ඔහොම නෑ.. තූර්යා මොන වරදක් කරාත් තේව් කවදාවත් එයාට අත උස්සලා නෑ.. ඒත් අද..."

"සොරි මෙහෙම අහන්න වෙනවාට ඒත් අම්මා කියන්නේ තූර්යා හැසිරෙන විදිහ වැරදි නෑ කියලාද.."

"එයා කොහොම හැසිරුනාත් ඒක ඔයාගෙවත් තේව්ගෙවත් ප්‍රශ්නයක් නෙමෙයිනෙ.. එයාගෙ අම්මායි අප්පච්චියි තාම ජීවත් වෙනවා.. අනික තූර්යා මැරි කරලා ඉන්නෙ.. එයාලාගෙ පවුල් ප්‍රශ්න එයාලාට විසඳගන්න ඉඩ දෙන්න.."

"එතකොට මේ දරුවා.. එයාලාගෙ ප්‍රශ්න නිසා තැලෙන්නෙ මේ අහිංසක දරුවා....."

"තේනුල්‍ය.. පුතා මේ ඔයාගෙ දරුවා නෙමෙයිනෙ.. මේ එයාලාගෙ දරුවා.. තූර්යායි භවානුයි මේ දරුවා කොහොමද හදන්නේ කියලා එයාලා බලාගනියි.. මිනිස්සු ලබා උපන් හැටියට තමයි දේවල් සිද්ද වෙන්නෙ.. ඔයාගෙ දරුවා නැති වෙන්න ඇත්තෙ ඔයාගෙ අවාසනාවකට.. එහෙමයි කියලා ඔයා තූර්යායි භවානුයි ගැන තේව්ගෙ ඔලුවට විස පුරවලා මේ ළමයා ඔයා ළඟට ගන්න හදන එක වැරදි නැද්ද.."

මං දන්නෙ නෑ මොනවා කියන්න ද කියලා.. ඇත්තම කිව්වොත් මට කියන්න දෙයක් හිතාගන්න බැරි වුණා.. මම හීනෙකින්වත් නොහිතපු දේකටනෙ මේ මනුස්සයා මට චෝදනා කරන්නෙ..

"අම්මා.."

"ඔයා කෝල් එකක ඉඳපු නිසා මං තේනුල්‍ය පුතා එක්ක ටිකක් කතා කරා.."

ඒත් එක්කම කෝල් එක ඉවර වෙලා අපි ළඟට ආපු තේව් දිහා අම්මා බැලුවේ හිනාවෙලා..

රාවණන් [Completed]✅Where stories live. Discover now