97📖️

10.6K 1.4K 471
                                    

"මොකද අත දිහා බලාගෙන කල්පනා කරන්නෙ ම්.. රින්ග් එකට කැමති නැද්ද.."

මම අහද්දී මෙච්චර වෙලා එයාගෙ අතට දාපු මගුල් මුද්ද දිහා බලන් ඉඳපු තේනු ඔලුව උස්සලා මගේ දිහා බලලා හිනා වුණා..

"කැමති නැද්ද නෙමෙයි මං ඕනවාටත් වැඩිය මේකට කැමතියි.. ඇත්තටම හරිම ලස්සනයි.."

"එහෙනම් එච්චරයි.."

මං වෙඩින් රින්ග් එක දාලා තිබුණ එයාගෙ ඇඟිල්ල මුද්දත් එක්කම ලාවට පිරිමැද්දා..

"ඇයි එහෙම කිව්වේ.."

"ඔයාට ඕන හැමදෙයක්ම ඒ විදිහටම උනා නම් ඔයා සතුටින් නම් මට වෙන මුකුත් ඕන නැති නිසා.."

මම කියද්දී එයා අල්ලගත්තෙ මගේ අතින්..

"ඔයා මේ හැමදෙයක්ම කරේ මගේ සතුට වෙනුවෙන් විතරද තේව්.. ඔයාට වෙඩින් එක මෙහෙම ලොකුවට ගන්න උවමනාවක් තිබුණේ නැද්ද.."

"ම්හු.. මට ඕන උනේ ඉක්මනට කසාද සහතිකේ අත්සනක් දාලා ඔයාවත් අරන් හනිමූන් යන්න.."

මම ඇහැක් ගහලා කියද්දී එයා රිදෙන්නම මගේ අත කෙනිත්තුවා..

"උදේ ඉදන්ම කටේ තියෙන්නේ ඕක විතරයි.. මම යන්නෙ නෑ හනිමූන්.. තනියම යන එකයි ඇත්තෙ.."

"ඉතිං බං උඹම නෙමෙයි ද කිව්වෙ හනිමූන් බබෙක් හදමු කියලා.."

"කවදාද.. බොරු කියන්න එපා.. මං එහෙම කිව්වේ නෑ.."

එයා අත අහකට අරන් මගේ ඇස් මග ඇරලා කිව්වාත් ඒ කන් දෙක රතු වෙලා තිබුණා..

"උදේ ඉදන් ලැජ්ජාවෙ ඇඹරෙනවා.. වෙනදාට කට කියවන මගේ තේනුට තමුසෙ මොකද කරේ ආ.."

මම ඇඳුමට උඩින් එයාගෙ ඉන කොනිත්තද්දි තේනු නහින්න හැදුවා..

"නිකන් ඉන්නකෝ.. කවුරුහරි දකියි.."

"ම්.. මෙතනින් ගියාට පස්සෙ නිකන් ඉමු.. මේ මිනිස්සු ඉස්සරහා නිකන් ඉ........."

"තේව් තමුසෙ මහ වල් වැදිලා.. වනචරයා.."

එයා මට රවන ගමන් මගේ අතට එයාගෙ අතමිට මොලවලා ගැහුවා..

"අවුරුද්දක ඇරියස් එකක් තියෙනවා මට කවර් කරගන්න.. අනික මම වනචරකම් කරන්නම තමයි අද ඔයාව නීතියෙන් ලියාගත්තෙ.."

රාවණන් [Completed]✅Where stories live. Discover now