හිනා උන තැන් වලට වැඩිය ආදරේ තිබුණෙම ඇඬුව තැන් වල කිව්වාට.. අල්ලගත්ත තැන් වලට වැඩිය ආදරේ තිබුණේම අත් ඇරපු තැන් වල කිව්වාට ඔයා මම මේ අපි කවුරුත් කැමතියිද අඬන්න.. කැමතියිද මාස ගානක් අවුරුදු ගානක් එහෙමත් නැත්නම් දවස් ගානක් උනත් තමන්ගෙ කියලා අල්ලගත්ත අතක් අත් ඇරලා වෙන කෙනෙක්ට පරිත්‍යාග කරන්න.. කැමතියි ද නෙමෙයි අවංකවම ඔයාලාට එහෙම කරන්න පුලුවන් ද.. මම හිතන්නේ නෑ මට කවදාවත් එහෙම කරන්න පුලුවන් වෙයි කියලා.. මට බැහැ මගේ තේව්ව වෙන කාටවත් දීලා හිත හදාගන්න.. මම කවදාවත් ඒක කරන්නෙත් නැහැ.. විඳින්න හරි විඳවන්න හරි මුලු ජීවිත කාලෙම එයා මාත් එක්ක මගේ ළඟින් ඉන්න ඕන..
සමහරවිට ඔයාලා දැන් හිතයි බලෙන් කසාද බැන්දා කියලා තේව්ට වෛර කරපු.. පුලුවන් හැම වෙලාවකම එයාට අපහාස කරලා එයා එක්ක රණ්ඩු කරපු.. රදීශ් කරපු බොරුව දැනගත්තාට පස්සෙත් කවදාවත් වචනෙකින්වත් එයාට ආදරෙන් කතා නොකර නිතරම කුණුහරුප කියලා පිස්සු නටපු මගේ හිතේ එයා ගැන ආදරයක් තිබුණද කියලා.. විශ්වාස කරන්න.. එයා ආදරේ කරපු තැන් වලට වැඩිය ආදරේ තිබුණෙම මම එයාට ආදරේ දුන්න තැන් වල.. මම එයා වෙනුවෙන් එයාත් එක්කම එයාට ආපු හැම ප්‍රශ්නයක්ම දරාගත්ත තැන් වල.. මුලු ලෝකයක් එයාට විරුද්ධ වෙද්දී අන්ධයෙක් වගේ මම එයාව විශ්වාස කරපු තැන් වල.. අවුරුදු ගානකට කලින් මං පළවෙනි හුස්ම ගත්තෙ එයා හින්දා වගේම තව අවුරුදු ගානකට පස්සේ මම මගේ අන්තිම හුස්ම පිට කරන්නෙත් එයා වෙනුවෙන්මයි..
"බබා.."
"ම්..?"
"මොනවද ඔච්චරටම කල්පනා කරන්නෙ.."
"මට මේ හැමදෙයක්ම කලින් මේ විදිහටම වෙලා තියෙනවා වගේ දැනෙනවා කියලා කිව්වොත් ඔයා පිළිගන්නවාද.." එයාගෙ පපුව උඩ තිබුණ ඔලුව උස්සලා මං එයා දිහා බැලුවාත් එයා මගේ දිහා බලාගෙන ඉඳියේ ඇහිබැමක් උඩට උස්සන ගමන්..
"ඒ කිව්වේ.. මට පැහැදිලි නෑ.."
"දන්නෙ නෑ.. මට මහ අමුත්තක් දැනෙනවා.."
"ඔයා තාම ෂොක් එකේ ඉන්නෙ.. ඒ නිසා වෙන්න ඕන ඔය විකාර හිතෙන්නේ.. ඔහොම ටිකක් හාන්සි වෙලා ඉන්නකො මම ගිහින් ඔයාට කිරි එකක් හදාගෙන එන්නම්.."
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)