07📖️

13.3K 1.7K 365
                                    

"තේනු.."

"තේනු.. බබා නැගිටපන්.."

"තේනුල්‍ය.."

කවුරුහරි මගේ උරහිසෙන් අල්ලලා හොලවනවා දැනුණාත් ඇස් ඇරගන්න බැරිතරමටම ඇහිපිහාටු බරවෙද්දී මං නින්දෙන්ම කෙඳිරි ගෑවා..

"ම්ම්ම්ම්ම්.."

"නැගිටිනවා.."

"ම්හුක්.. දෝගන්න දෙන්නකෝ.." මාව නැගිට්ටවන්න හදපු කෙනාගෙ අත තුරුලු කරන් ඇස් පියාගත්තාත් ආයෙත් කරන්ට් එක වැදුනා වගේ අතත් තල්ලු කරලා දාලා මං ඇස් ඇරියේ අද දවස පුරා සිද්ද උන දේවල් එකින් එක මට මතක් වෙන්න පටන්ගනිද්දී..

හරි.. මං හිතුවා හරියටම හරි..

ඒක හීනයක් නෙමෙයි..

ඔය ඉන්නෙ පිස්සු හු## මාව කන්න වගේ බලාගෙන..

කලබලෙන් නැගිටලා ඇඳ උඩ වාඩි උන මම මගේ දිහා බලන් ඇඳ කොනක ඉදපු එයා දිහා බැලුවෙ ඇස් යටින්..

ඒත් මට මොකක්ද උනේ..

මට අන්තිමට මතක මේකා මගේ කටයි අත් දෙකයි ගැටගහලා දානවානෙ..

පොඩ්ඩක් හෝව් තේනුවෝ.. පොඩ්ඩක් හෝව්..

මම කන හැපුවා කියලා මු අර පිස්ටල් එකෙන් මගේ ඔලුවට දමලා ඇරියා නේද තරු රටා පිටින් ඔලුව වටේ කරකැවෙන්නම..

මුගේ අප්පට... නෑ ඉතිං එහෙම ඕන නෑනෙ මං කියන්නේ.. ඕනම නම් ටොක්කක් අනින්න තිබුණා.. මොළෙත් හෙල්ලුනාද මන්දා ගහපු ගැහිල්ලට..

මං බොරුද කියන්නේ.. මූ නම් පිස්සු හු- ම තමා..

"මොනවාද බලන්නෙ.. මගේ මූණෙ කැවුම් තියෙද.."

මම එයාට රවද්දී එයා කට කොනකින් හිනා වුණා..

ඔක්කොමත් හරි මට මුගේ කට කොනේ හිනාව තමා දරාගන්නම බැරි.. ඒක දකිද්දී මගේ හාටුව එලියට පනින්න වගේ එනවානෙ.. මූ මට ගුරුකමක්වත් කරාද දන්නෙ නැහැ..

"මගේ අත් දෙක ලිහනවා.."

තාම අත් දෙක ගැටගහලා තියෙනවා දැකපු මං තරහින් එයාට කෑගැහුවාත් එයා නෙමෙයි මාව තඹේකට ගනන් ගත්තෙ..

"තමුසෙගෙ කන් දෙක ඇහෙන්නෙ නැද්ද මිනිහෝ.. මාව ලිහනවා.."

"කටවහගෙන ඉන්නවා.. එහෙම නැති උනොත් ආයෙත් ගැටගහලා දානවා.."

රාවණන් [Completed]✅Where stories live. Discover now