"ඔන්න දැන් හරි.."
හෑන්ඩ් ටවල් එකෙන් තේව්ගෙ කම්මුල් පිහිදාපු මම කණ්ණාඩිය එයාගෙ මූණ ඉස්සරහින් ඇල්ලුවා..
"හොඳයිනේ..?"
"ම්.. ඇති යන්තම් මගේ මූණ ඉතුරු කරා.."
"මොකක්ද කියන්නේ.."
"නෑ ඉතිං තමුසෙව එච්චරටම ෂුවර්නෙ.. ඒකයි එහෙම කිව්වෙ.. කවුද දන්නෙ රැවුල කපනවා කියලා බෙල්ලම කපලා දැම්මා නම් එහෙම.."
"යන්න අනේ.. මම තරහායි.."
"ඒ උනාට මම යාලුයිනෙ.."
එයා හිනා වෙලා කියද්දී මං එයාට රැව්වා..
"ඇයි යකෝ මේක මාර වැඩක් උනානේ.. මෙයාගෙ වැඩ කරන්නත් ඕන.. කුණු කතා අහගන්නත් ඕන.. අදින් පස්සේ මම නෑ.. අර ඉන්නෙ ලේකමෙක්.. ඌට කියලා කරගන්න මගුලක් කරගන්න එකයි ඇත්තෙ.. මං යනවා යන්න.."
"ඔය යනවාද.."
"නෑ පොල් ගානවා.."
තරහෙන් පුපුරන ගමන් වතුර බේසමයි ටවල් එකයි බාත්රූම් එකෙන් ගිහින් තිබ්බ මම ආයෙත් ඇවිත් එයාගෙ අතේ තිබුණ කණ්ණාඩියත් උදුරලා අරන් මේසෙ උඩ තියද්දී මට දැනුණා එයාගෙ ඇස් මගේ ඇඟ පුරාම දුවනවා කියලා..
"මොකද ඇමතිතුමාට ඇස් දෙක උගුල්ලගන්න හිතිලාද.."
"මගේ දේවල් මං බලන්නෙ නැතුව පිට උන් බලන්නද.. මාස අටකට කලින් ඉඳියාට වැඩිය තව ලස්සන වෙලාද මන්දා.. ඇත්තටම මොකක්ද බං රහස.. තමුසෙ වයසට යන්න යන්න තව ලස්සන වෙනවානෙ.."
මාස අටක්.. හරියටම මාස අටක් ගෙවිලා ගිහින්.. දෙසැම්බර් ඉවර වෙලා ජනවාරි ලබන්නත් ළඟයි.. අප්‍රේල් වල අලුත් අවුරුද්දට කිරි අත්තලාගෙ ගමේ ගිහින් ආවාට පස්සෙ අපේ ජීවිත එක රැයකින් සම්පූර්ණ වෙනස් වුණා.. මගේ අම්මා තාත්තා එක්ක මං එකට ගෙවපු අන්තිම අලුත් අවුරුද්ද.. අතීතෙ මතක් කරන්න කරන්නම වෙන්නෙ හොඳ වීගෙන එන තුවාලෙ පෑරෙන එක විතරක්ම උනාත් මට නැති උනේ ලේසියෙන් අමතක කරන්න පුලුවන් අය නෙමෙයි.. ඔහේ බලාගත්ත අත බලාගෙන මම කල්පනා කරා..
"තේනූ.."
කලිසම් සාක්කුවෙන් මම සිගරට් එකක් අතට ගනිද්දීම එයා මට සැර වුණා..
YOU ARE READING
රාවණන් [Completed]✅
Fanfictionමම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)