29📖️

10.1K 1.3K 297
                                    

පොළව තෙත් කරපු වැහි බිංදු වගේම ඒ අන්ධකාර රෑ එයාගෙයි මගෙයි හැඟීම්නුත් හරිම අසංවර වුණා.. රාගයෙන් මත් උන ඒ ඇස් මගේ ඇඟ පුරා දුවද්දී යටි තොල හපාගෙන හිනා උන මම එයාගෙ ටී ෂර්ට් එකෙන් ඇදලා මගේ ළඟට ගත්තෙ මාව දොරටයි එයාගෙ ඇඟටයි තෙරපිලා යද්දී..

"මාව ඕනද.." එයාගෙ කනට ලං වෙලා කොඳුරලා වගේ අහපු මම ආයෙත් එයාගෙ මූණ දිහා බලද්දී එයා ඇහිපිය නොගහා මගේ දිහා බලාගෙන ඉඳියා.. ඒත් එක්කම මං අහපු ප්‍රශ්නේට උත්තර නොදී තේව් මගේ තොල් වලට බර වෙන්න හැදුවාත් මම ඉක්මනටම මූණ අහකට ගත්තා..

"මුලින් උත්තර දීලා ඉන්න.."

"මාත් එක්ක සෙල්ලම් කරනවාද ආ.." එයා ඇහුවේ මගේ දිහා බලාගෙන වෙද්දී එයාගෙ තොල් වල ගෑවෙන නොගෑවෙන දුරින් නතර උන මං මගේ ඇඟිල්ලක් එයාගෙ නළලෙ ඉදන් කම්මුල දිගේ පහළට අරන් ආවා..

"ඇයි මට තහනම්ද.."

"කිසිම තහනමක් නෑ.. ඒත් අද රෑ...." එතනින් එහා කියන්නේ නැතුව නතර කරපු එයා එයාගෙ මූණ පුරා දුවපු මගේ ඇඟිල්ලෙන් අල්ලගත්තේ කට කොනකින් හිනා වෙන ගමන්..

"අද රෑ ගෙවෙන්නේ මට ඕන විදිහට.."

"ඒ මම ඉඩ දුන්නොත්නෙ.." ටික වෙලාවක් දෙන්නාට දෙන්නා ⁣දිහා බලාගෙන ඉදපු අපි ඊලඟ තත්පරේ සද්දෙන් හිනාවෙලා තොල් වලට බර වුණා.. මගේ බෙල්ල පිටිපස්සෙන් අත දාලා ලං කරගෙන තේව් මගේ උඩු තොලයි යටිතොලයි මාරුවෙන් මාරුවට සිපගනිද්දී මං ඇස් තදින් පියාගෙන ඒ හැඟීම විඳගත්තා.. වෙන්න යන දේ දන්න හින්දා මගේ පපුව වේගෙන් ගැහෙනවා.. ඒ බයකට නෙමෙයි උනාත් ෆස්ට් ටයිම් නිසා හිතේ පොඩි තිගැස්මක් නැත්තෙමත් නැහැ..

තත්පර ගානකට පස්සේ මාත් සිපගැනීමට හවුල් වෙද්දී එයා තව තවත් නොසන්සුන් වුණා.. එක වෙලාවකට මගේ කම්මුලට ආපු එයාගෙ අත තවත් වෙලාවකට මගේ ඇඟ පුරාම දිව්වා.. එයාගෙ තොල් අතරට මැදි වෙලා තිබුණ මගේ යටිතොල එයා දත් වලින් හෙමීට හපද්දි මගේ කටින් සිහින් කෙඳිරියක් පිට උනා වගේම ඒ ලැබුන අවසරයෙන් එයා එයාගෙ දිවත් එක්ක මගේ දිව පටලගත්තා..

"ම්ම්ම්..."

විනාඩි ගානකට පස්සෙ මගේ තොල් වලින් ඈත් උන එයා එයාගෙ තොල් මගෙ තොල යට තිබුණ බර්ත්මාර්ක් එක උඩින් තියලා දිව ගාවද්දි මං එයාගේ උරහිස් මිරිකගත්තෙ මගේ කකුලක් එයාගෙ ඉන වටේ පටලගන්න ගමන්.. ඒත් එක්කම එයා මගේ ඉනෙන් උස්සලා අරන් දොරට හිර කරද්දී මං මගේ කකුල් දෙකම එයාගෙ බඳ වටේ දාගත්තා..

රාවණන් [Completed]✅Tempat cerita menjadi hidup. Temukan sekarang