01📖️

45.2K 1.9K 723
                                    

'නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ නන්නාදුනන කාන්තා මළ සිරුරක් අද උදෑසන ග්‍රෙගරි වැවේ පාලම අසල තිබී සොයාගත් බව නුවරඑලිය පොලිසිය විසින් ද.......'

එහෙම්ම ටීවී එකේ නිවුස් චැනල් එක මාරු කරපු මම අතේ තිබුණ රිමෝට් එකෙන් එක එක බොත්තම් එබුවා.. එකක ලග්න පලාඵල.. තවත් එකක කෑම හදනවා.. තව එකක කාටුන්.. මනමාලියෝ හැඩගන්වන්නෙ මෙහෙමලු.. නිළියක් ඇවිත් මම සුදු උනේ මේ ක්‍රීම් ගාලා කියනවා.. තව එකක උදේම වාසලබණ්ඩාර ඇමතිතුමා පුක ගිනිගත්ත කඩියා වගේ බෙරිහන් දෙනවා.. විපක්ෂෙන් ඒකාගෙ පුතාට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කරාලු.. බලන්න වැඩකට ඇති කිසිම දෙයක් නැති තැන මං රතු බට්න් එක ඔබලා රිමෝට් එක පැත්තකට විසි කරා..

ආයෙත් ඇඳ උඩ තිබුණ ෆෝන් එක අරන් වෙනදා වගේම අදත් ඒ සිංදුව ප්ලේ වෙන්න දාලා ඩෝ වින්ඩෝ එකට දාලා තිබුණ කර්ට්න් එක මෑත් කරා..

හැමදාම මෙහෙමයි..

දවසක් දෙකක් සතියක් මාසයක් නෙමෙයි.. පහුගිය අවුරුදු විස්ස පුරාවටම මගේ ජීවිතේ ගෙවිලා ගියේ මේ විදිහට..

මතක මන්දිර තනා
කීව ඒ රස කතා
පන්තියේ පෙම නිසා
තාම මං තනි වෙලා

එයා හැමදාම ආසාවෙන් මුමුනපු ඒ සිංදුව මම හැමදාම මල ජරාවක් කියලා එයාට බැනපු ඒ සිංදුව අද මම ම තාලෙට මුමුනන ගමන් අවුරුදු විස්සක අතීතෙ ඒ පාසල් මතක එක්ක අතරමං වුණා..

එදා ඉදන් අද වෙද්දී අවුරුදු විස්සක්ම ගෙවිලා ගිහින්.. ඒත් ඒ අතීත මතක අදටත් මාව පාරවනවා.. මට සමාව ඉල්ලන්න ඕන.. මගේ අතින් සිද්ද උන හැම වරදක්ම හදාගන්න ඕන..

ඒත්..

ඒත් මම කාගෙන්ද සමාව ඉල්ලන්නෙ.. ඔයා ඔයාගෙ ජීවිතේ අත් ඇරලා යන්න ගියාට පස්සෙ මම කාගෙන්ද සමාව ඉල්ලන්නෙ හේෂ්.. ඔයා ළඟ නැතුව මං කොහොමද මගේ අතින් එදා සිද්ද උන ඒ වැරදි හදාගන්නෙ..

එදා ඔයා මගේ ළඟ ඉඳිද්දී ඔයාට ලං වෙන්න ඕනකමක් නොතිබුණු මම අද ඔයා නැති තැන ඔයාගෙ ඒ මතක එක්ක තනිවෙලා හිතින් මැරි මැරී හුස්ම අල්ලනවා.. මං දන්නෙ නැහැ අපිට කොතනද වැරදුනේ කියලා.. සමහරවිට වරදින්න ඇත්තෙ අපිටවත් උඹටවත් නෙමෙයි හේෂ්.. මේ මටම විතරක් වෙන්න ඇති..

කාළි [Completed]✅Where stories live. Discover now