නුවර....
ප්‍රේමයේ නගරය.. ගොඩක් දෙනෙක්ට වගේ මටත් ආපස්සට මතක් කරලා ජීවිත කාලයක් සැනසෙන්න මතක ගොන්නක් ඉතුරු කරපු තැන.. මේ නුවර අහස යට මුණගැහිලා හදවතේ ඉපදුන ආදරේ වචනෙන් කියන්න ඉඩක් නොතියාම එයා මාව අත් ඇරලා යන්න ගියපු තැන..
අක්කාව ස්කෝලෙ ළඟින් බස්සපු මම කෙලින්ම ආවේ වැව රවුමට වෙද්දී කාර් එක පාර අයිනෙන් නතර කරලා එළියට ආපු මං අවුරුදු විස්සකට පස්සෙ අද දකින මේ නුවර දිහා හිස් හැඟීමෙන් බලාගෙන ඉඳියා..
මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුන නගරයයිමල් පිපෙන කාලෙට මේ නුවර මොනතරම් නම් ලස්සනයි ද.. වීදි පුරා වැටුන රෝස පාට රොබරෝසියන් පලස් අතරින් යද්දී එදා නොදැනුන අමුතුම හැඟීමක් අද ඒ මතක ආපස්සට අතීතාවර්ජනය කරද්දී මට දැනෙනවා.. සකුරා පිපුන ජපානෙ ඉදන් නොරිකො දෙවොන්දරා සංට ආදරේ කරා වගේ රොබරෝසියන් පිපෙන මේ නුවර අහස යට ඉදන් එදා උඹ මටත් මං උඹටත් හිත් ඇතුළෙ මහ හුඟාක් ආදරේ හිර කරගෙන ඉඳියා හේෂ්.. ඒත් ඒ ආදරේ වචන වලට පෙරලන්න මට අවස්ථාවක් නොදීම උඹ මගේ මේ අත් දෙක උඩ සදහටම ඇස් පියාගත්තා.. එදා උඹ යන්න නොගියා නම් අද අපේ කතාව මීට වැඩිය හුඟාක් වෙනස් විදිහට ලියවෙන්න ඉඩ තිබුණා.. එහෙනම් අද මං තනියම නෙමෙයි උඹයි මායි දෙන්නාම මෙතන මේ විදිහට හිටගෙන ඉන්න තිබ්බා.. ඒ අවුරුදු විස්සක අතීත මතක මතක් කරලා උඹේ ඔය මූණෙ හැමදාම වගේ ලස්සන හිනාවක් ඇඳෙන්න ඉඩ තිබුණා..
වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙල අප නැතුවත් තව දලු ලනවාඑදා මේ නුවර වීදි අතරෙන් ඇවිදගෙන යද්දී ඉදලා හිටලා අතේ අහම්බෙන් දැවටුන ඒ ඇඟිලි මගේ ඇඟිලි එක්ක පටලගන්න මට නොහිතුනා නෙමෙයි.. හිත ඇතුළේ හීන කන්දරාවක් පොදි බැඳගෙන ඒ ඇඟිලි මං මගේ ඇඟිලිත් එක්ක පටලගත්ත අවස්ථාතත් එමට නොතිබුණා නෙමෙයි.. මට කියපන් හේෂ්.. උඹට කවදාකම හරි දැනුණා ද.. මේ පපුව පිරෙන්න මං උඹට ආදරේ කරා කියලා උඹට එකම එක තත්පරේකට හරි දැනිලා තිබුණාද..
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)