වසර විසි එකකට පෙර......
"අද මොකෝ බං මුන් පස්ස ගිනිගත්ත කඩියො වගේ එහාට මෙහාට දුවන්නෙ.."
ගේට් එකෙන් ඇතුළට ආපු තැන ඉදලා ප්‍රිෆෙක්ට්ස්ලා කලබලෙන් හතර අතේ දුවන දිහා බලාගෙන මම කවියාගෙන් ඇහුවෙ කුතුහලයෙන්..
"ඇයි උඹ දන්නෙ නැද්ද.."
"මොකක්ද.."
"අද අරුන්ගෙ ප්‍රිෆෙක්ට් ඩේ එක බං.. වටේම ස්කෝල වල උන් අද මෙහෙට ගොඩ බහිනවා.."
කවියා මනමාල හිනාවක් එක්ක කියද්දී ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියලා තේරුම්ගන්න මට අමාරු උනේ නැහැ.. අද ඉතිං වටේම ගර්ල්ස් ස්කූල් වල කෙල්ලො එන නිසා මුන් ඇබලයො වගේ මේන් හෝල් එක වටේට කැරකෙයි..
"ලැජ්ජා නැද්ද බං.."
"ඇයි ඇයි.. දැන් මොකටද අපි ලැජ්ජා වෙන්න ඕන මස්සිනා.."
දස්සාත් කවියාගෙ සප් එකට එද්දී මම උන් දෙන්නාටම රැව්වෙ නොරිස්සුමෙන්..
"වෙන මොකටද.. කෙල්ලො පස්සෙ යන්න.."
"ඒ මූ බලපන්කො... උ......."
"සතීෂයා.."
කවියා කියන්න ගිය දේ අතරමගින් නතර කරගත්තේ ඒත් එක්කම අපි දිහාට ඇවිදගෙන ආපු සිහිනයා නිසා වෙද්දී මම ඔලුව හරවලා ඌ දිහා බැලුවා..
"මොකෝ අවුල.."
"උඹ හෙඩාව දැක්කාද.."
"නෑ බං.. මාත් මේ දැන් ආවේ.. හේෂ් අද අපේ බස් එකේ ආවෙ නෑ.. ප්‍රිෆෙක්ට් ඩේ නිසා එයා වේලාසන එන්න ඇති.."
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)