66📖️

8.9K 1.3K 731
                                    

වසර විස්සකට පෙර....

"මචං සතියා උඹට හොඳටම ෂුවර්ද බං උඹ ටොපා කියලා.."

"මූටයි අපිටයි කොතනක හරි වැරදුනා වෙන්න බැරිද බං.."

කවියාත් දස්සාගෙ කතාවට එකතු වෙද්දී මං උන් දෙන්නා දිහා රවලා බැලුවේ උන් කට පියාගනිද්දී.. නොකිව්වාට මොකද හේෂ් දාපු සද්දෙට මාවත් ගැස්සිලා ගිය එක වෙනම කතාවක්..

"උඹ ඕක ගත්තෙ දැන් අපිට ගහන්න වෙන්න ඇති නේද.. ඒ බං මේ බලපන්කො මූ.. එක වතාවක් ඉවසුවා කියලා උඹ හිතන්න එපා ආයෙ ගහනකම් අපි බලාගෙන ඉඳියි කියලා.. ### උන්ගෙ....... ආර්හ්හ්.."

"අඩෝ ගැහුවා යකෝ ගැහුවා.."

"නියමයි හේෂ් අයියා.. දීලා ඇරපන් ඕකාගෙ ඔලුව මැද්දෑවටම මං කියන්නෙ.."

කවුරුත් නොහිතපු විදිහට හේෂ් ධනුකයාට හොකී පිත්තෙන් ගහද්දී මං ගල් ගැහිලා වගේ එතන හිටගෙන බලන් ඉඳියෙ දස්සා කෑගහලා විසිල් පාරකුත් ගහද්දී..

"ඒයි.."

"එකෙක් එන්නෙ නෑ.. ආයෙ කිව්වොත් කිව්වා.. තොපි එකෙක්හරි මැද්දට පැන්නොත් මූට වගේම තොපිටත් මං ගහන එක ගහනවා.."

හේෂ් ධනුකයාට ගහද්දී උගේ යාලුවෝ ඌව බේරගන්න හැදුවාත් එයා උන් දිහාටත් හොකී පිත්ත දික් කරලා සද්දෙන් කිව්වෙ එතනින් එහා කවුරුත් වචනයක්වත් කතා නොකරද්දී වෙද්දී එයා බිම වැටුන ධනුකගෙ කොන්ඩෙන් ඇදලා අරන් නැගිට්ටුවෙ උගේ මූණට එබෙන ගමන්..

"මං උඹට වතාවක් දෙවතාවක් තේරෙන සිංහලෙන් හොඳින් තේරුම් කරලා දුන්නා.. ඒත් තෝ මොකක්ද කරේ.. එපා කියන්න කියන්න උඹ ඇවිත් ආයෙත් මගේ කොල්ලාට අත ඉස්සුවා.."

කාළි [Completed]✅Where stories live. Discover now