මිනිස්සු මැරුනාට හැඟීම් මැරෙන්නෙ නෑ..
මං හිතන්නෙ ඒ වචන කීපෙ හරිම තේරුම මට තේරුම් ගියේ එයා මාව දාලා යන්න ගියාට පස්සෙ.. උදේ එලාම් එකේ හඬින් ඇහැරුන මම එලාම් එක ඕෆ් කරලා අදත් කකුල් දෙක කොට්ටෙට තියාගෙන මගේ කකුලක් තුරුලු කරන් නිදාගෙන ඉන්න ජානුල්ව දැකලා ඔලුව දෙපැත්තට හොලවලා හිනා වුණා..
"අම්මපා මේ පොඩි ඇට්ටරයා නම්.. මූ කොහොම මේ විදිහට රවුමට කරකැවෙනවාද මන්දා.."
අද එයාගෙ උපන්දිනේ.. ඒත් එයාට විෂ් කරන්න කලින් මට කරන්න දෙයක් තියෙනවා.. ජානුල් දිහා බලලා එයාගෙ ඔලුව අතගාගෙනම ඇඳෙන් නැගිටපු මං ගියේ බිත්තියේ එල්ලලා තිබුණ හේෂ්ගෙ ෆොටෝ එක ළඟට..
"ගුඩ්මෝනින්.."
ඒ හිනා වෙන මූණ දිහා බලාගෙන මාත් එයාට හිනා වෙලා ගුඩ්මෝනින් කිව්වා..
"හරි ඉක්මනට අවුරුදු විස්සක් ගෙවිලා ගිහින් හේෂ්.. මට තාමත් ඒ දවස අද ඊයේ වගේ මතක තියෙනවා.."
මම මගේ අතක් එයාගෙ කම්මුල උඩින් තිබ්බා..
"පහුගිය අවුරුදු දහනමයෙම මේ දවසට මං කරේ ඔයාගෙ ෆොටෝ එකත් එක්ක ඒ කාමරේ ඇතුළේ තනි උන එක.. ඒත් මං හිතන්නේ අද දවස වෙනස් විදිහට ගෙවිලා යයි.."
"මිනිස්සුන්ට ජීවිතේ දෙවනි අවස්ථාවක් ලේසියෙන් ලැබෙන්නේ නෑ.. ඒ අතින් බැලුවාම මං හුඟාක් වාසනාවන්තයි.. උඹට පින් එච්චරටම වේදනා දීපු මාව හොයාගෙන ආයෙත් මගේ ළඟට ආවාට.. පොරොන්දු වෙනවා මේ වතාවේ මම කලින් කරපු වරද කරන්නෙ නෑ කියලා.."
"මට ආයෙත් ඒ සොහොන් කොත ළගට යන්නම් හිත හදාගන්න බැරි වෙයි.. ඒත් හිත හදාගන්න පුලුවන් උනොත් මම ජානුව හේෂ් විදිහට ඔයා අන්තිම හුස්ම පිට කර ඒ තැනට එක්කගෙන යන්නම්.."
විනාඩි ගානක් හේෂ් දිහා බලාගෙන ඉදපු මම සුසුමක් හෙලලා ඇඳ දිහාට හැරුනේ ජානුල් කෙඳිරිගානවා ඇහුන නිසා..
"මදුරුවොනෙ.."
"අනේ එලවපියකෝ සින්නදොරේ.."
"මොකද මේ.."
"එලවන්නකො එයාලාව.. අපිලාට නිදිමතයි.."
එයා එක ඇහැක් ඇරලා මගේ දිහා බලලා කියද්දී මං එයා ළඟින් ඇඳ උඩින් වාඩි උනේ ඒ කම්මුලට හාදුවක් තියන ගමන්..
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)