13📖️

10.7K 1.5K 378
                                    

ඇහිපිය ගහන වේගෙන් අවුරුදු විස්සක්ම ගෙවිලා ගිහින්.. අදටත් උඹ මට ඉතුරු කරලා ගියපු ඒ මතක මගේ හිත ඇතුළේ හොල්මන් කරනවා හේෂ්.. මේ ගෙවිලා ගිය අවුරුදු විස්සට උඹව මතක් නොවී ගෙවුන දවසක් මගේ ජීවිතේ තිබුණේ නැති තරම්.. මං දන්නවා උඹට රිද්දලා මම කරේ ලේසියෙන් සමාව දෙන්න පුලුවන් වරදක් නෙමෙයි කියලා.. ඒත් තරාදියක එක පැත්තකට උඹ එදා විඳපු වේදනාව දාලා අනිත් පැත්තට අද මම විඳින වේදනාව දැම්මොත් උඹම තේරුම්ගනියි මගේ පැත්ත හුඟාක් බර වැඩියි කියලා..

සමහරවිට උඹ ජීවත් උනා කියන්න කිසිම මතකයක් අද ඒ නුවර ඉතුරු වෙලා නැතුව ඇති හේෂ්.. උඹ මගේ අතේ එල්ලිලා ගිය ඒ පාරවල්.. උඹ මං එනකම් නතර වෙලා මග බලාගෙන ඉඳපු ඒ බස් හෝල්ට් එක.. අපේ කතාවෙන් වැඩි හරියක් ලියවුන ඒ ස්කෝලෙ.. මේ කිසිම⁣ දේකට.. කිසිම කෙනෙක්ට.. හේෂ් කියලා කෙනෙක් එදා ජීවත් වෙලා ඉඳියාද කියලාවත් අමතක ඇති..

ඒත් උඹේ සතීට අද වෙනකම් උඹව අමතක කරන්න බැරි වුණා මගෙ මැණික..

අදටත් මම උඹ මට ඉතුරු කරලා ගිය අපේ මතක වල වේදනාවෙන් පිච්චි පිච්චි හුස්ම අල්ලනවා.. වෙලාවකට මට හරි මහන්සියි.. මේ හැමදෙයක්ම අත් ඇරලා ම⁣ටත් උඹ ළඟට එන්න හිතුන වාර අනන්තයි.. ඒත් මං උඹට පොරොන්දු වුණා.. උඹ වෙනුවෙන් ජීවත් වෙනවා කියලා.. ආයෙ කවදාමහරි දවසක උඹ මාව හොයාගෙන එනකම් මම බලාගෙන ඉන්නවා කියලා..

පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා

අරුත බිඳී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිඳියම පතා

පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් භවේ පින මදි හින්දා
බලා හිඳිමි මතු භවයක හෝ
පසුවදන ලියන්නට එතැයි කියා

අපේ කතාවට පෙරවදනක් ලිව්වාත් ඒ කතාවට පසුවදනක් ලියන්න උඹට බැරි වුණා මගේ හේෂ්.. උඹ නතර කරපු තැනින් මග නතර උන ඒ කතාව සම්පූර්ණ කරන්න උඹ ආයෙත් එනකම් මම අදටත් මග බලාගෙන ඉන්නවා..

කාළි [Completed]✅Where stories live. Discover now