වසර විස්සකට පෙර..
"සතියා.. තෝ කොහෙද බ## බලාගෙන ඉන්නෙ.. බෝලෙට ගහපන් මගුලක් නොකර.."
උදේ හය වෙද්දී ස්කෝලෙ ඉස්සරහා තිබුණ අපේ ග්‍රවුන්ඩ් එකට ආපු මම ටීම් එකේ අනිත් උන් එක්ක ප්‍රැක්ටිස් කරන ගමන් ඉඳිද්දි තමයි දැක්කෙ හේෂ් ග්‍රවුන්ඩ් එක ඉස්සරහින් ඇවිදගෙන යනවා.. අනේ මන්දා මට මොකක් උනාද කියලා.. කවියා කතා කරත් ඇහුනේ නෑ වගේ මම හේෂ් දිහා ඇහිපිය නොගහා බලාගෙන ඉඳියා..
"උඹ අපේ හෙඩා දිහා බලන් භාවනා කරනවාද.."
"මොකද හු## තෝ ගහන්නේ.."
මගේ ළඟට දුවගෙන ආපු කවියා පිට මැද්දෑවට පාරක් දෙද්දී මම ඌට හොඳම එකෙන් රැව්වා..
"මුගේ කෑල්ලනෙ බං.. ඌ හෙඩා දිහා බලන් භාවනා කරන්න බැරි නම් තව දේවල් කරත් තොට මොකද.."
"අනේ මේ තෝත් රෙද්දක් කියවන්නෙ නැතුව ඉඳපන්.. ඌ මගෙ කවුරුත් නෙමෙයි.."
කවීන්ටයි දස්සාටයි රවපු මම නොරිස්සුමෙන් කියද්දී උන් දෙන්නා මූණට මූණ බලලා ආයෙත් මගේ දිහාට හැරුණා..
"මචං සතියා.. මම උඹෙන් සීරියස් දෙයක් අහන්න මට ඇත්තම කියනවාද.."
"උඹලා දෙන්නාට නොකියන දෙයක් මගෙ ළඟ නෑනෙ.. ඒ නිසා අහපන්.."
දස්සාගෙ ප්‍රශ්නේට මම එහෙම කිව්වෙ මූණෙ තිබුණ දාඩිය ටී ෂර්ට් එක උස්සලා පිහිදාන ගමන්..
"ඇයි බං උඹ හේෂ්ට අකමැති.. නෑ මම අහන්නෙ මොකක්ද උගේ තියෙන අඩුව.. කොල්ලා ලස්සනයි.. සල්ලි තියෙනවා.. බ්‍රයිටෙක්.. අනික උගේ ගතිගුණ පවා පට්ට හොදයිනෙ බං.. අපෙ ස්කෝලෙ එකෙක් ඉන්නවා ද ඌට අකමැති.. කොල්ලො කෙල්ලො කීයක් ඌට ලයින්ද බලපන්කො.."
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)