"ඔයා හේෂ්ගෙ නම් මං ඔයාගෙ කවුද මහත්තයා.."
ජානුල් අහපු ප්රශ්නෙත් එක්ක මං පුදුම වෙද්දී එයා මගේ දිහා ඇහිපිය නොගහා බලාගෙන ඉඳියා..
මං හේෂ්ගෙ නම්..
ඇත්තටම ජානුල් මගේ කවුද..
මොකක්ද අපි අතර මේ තියෙන නමක් නැති බැඳීම..
ඇත්තම කිව්වොත් මගේ ළඟ ජානුල්ට දෙන්න උත්තරයක් තිබුණේ නැහැ.. ජානුල්ගෙන් මං හේෂ්ව දකින නිසා මට එයාව මගෙන් ඈත් කරන්න බැරි උනාත් මගේ ජීවිතේ මං හේෂ්ට දීපු තැන මට ජානුල්ට දෙන්න හිත හදාගන්න බැරි වුණා..
"සින්නදොරේ.."
"ම්..?"
"මාත්තියා මොනවාද තමා කල්පනා කරනවා.."
මට හිනා ගියා.. කොච්චර කොහොම උනාත් කොල්ලා එහෙම කතා කරද්දී හරි හුරතල් පාටයි..
"උඹටත් එපා කියන එකම තමයි නේද කොල්ලො කරන්නෙ.."
මම පොඩි එකාගෙ නහය මිරිකද්දී ඒකා තාරා හොටේ උල් කරන් ඇස් යටින් මගෙ දිහා බැලුවා..
"ඇයිඊඊ.."
"ඇයිඊඊ තමයි.. ඇදලා කතා කරන්න එපා කැතයි.. දෙමළෙන් කතා කරන්නත් එපා.. මාත් එක්ක ඉඳිද්දී සිංහලෙන් කතා කරන්න.."
"හිතලා කියන්නෙ නෑ.. අපිලාට කියවෙනවා.."
"එහෙනම් අපිලා අදින් පස්සෙ එහෙම නොකියා ඉන්නම්කො හොඳද.."
කොල්ලා අහිංසක විදිහට ඔලුව වැනුවා.. එහෙම කරද්දී නම් මං එයාගෙන් දැක්කෙ හේෂ්වමයි.. එකම වෙනස මම අද ජානුල්ට වගේ එදා හේෂ්ට කිසිම දෙයක් හොඳින් නොකියපු එක විතරයි.. මම එයාට කොච්චර නපුරු උනාත් එක්කො එයා අහිංසක විදිහට හිනාවෙනවා.. නැත්නම් ඇස් වල කඳුලු පුරවගන්නවා.. අද ආපස්සට ඒ අතීතය දිහා හැරිලා බලද්දී මට මං ගැනම ඇති වෙන්නෙ කේන්තියක්.. මම උඹට නොසෑහෙන්න රිද්දලා මගේ රත්තරන්..
"ජානුල් මේ සැරේ ඒලෙවල්ස් කරා නේද.."
"හ්ම්ම්.."
"එක්සෑම් පාස් වෙයි කියලා ෂුවර්ද.."
"හ්ම්ම්.."
"කැම්පස් යන්න කැමතියි ද.."
කලින් ප්රශ්න දෙකටම හිනාවෙලා ඔලුව වනපු කොල්ලාගෙ මූණ මගේ ඒ ප්රශ්නෙන් බලාගෙන ඉඳිද්දීම මැලවිලා ගියා..
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)