30📖️

9.7K 1.4K 422
                                    

"උඹලාගෙ අප්පාට කියපන් තව දෙසීයක් හිඟ තියෙනවා කියලා.. ඒක ගෙවනකම් ආයෙ ණයට දෙනවා නම් බොරු කොල්ලො.."

කඩේ මුදලාලි කියද්දී මම මූණ ඇද කරගත්තා.. මම බලාගෙන ඉඳියෙ මුරුක්කුවක් කන්න.. දැන් ඉතිං ඒකත් හීනයක්.. මාපටැගිල්ල හපන ගමන් මුරුක්කු බෝතලේ දිහා බලාගෙන ඉඳපු මම ආපහු එන්න හැරෙද්දී මුදලාලි ආයෙත් මට කතා කරා..

සෙල්වා මුදලාලි කුණු ලෝභයා.. මේ වත්තෙම මිනිස්සු මේ කඩෙන් තමයි බඩු ගන්නෙ.. උපරිම රුපියල් දාහක තමයි මාසෙට ණයට බඩු දෙන්නෙත්.. ඒක ගෙවනකම් ආයෙ එක රුපියලක දෙයක් නිකන් දෙන්නෙ නෑ..

මට මේ වත්තෙ වැඩ කරන සරස්වතීලා ලෙච්චමීලා ගැන දුක හිතුණා.. උදේ පාන්දර ඇහැරිලා පුල්ලෙයාර්ට වැදලා දවස පටන්ගන්න එයාලා රොටියක් පුච්චලා කලබලෙන් තේ කූඩෙයි මට්ටන් කෝටුවයි ⁣ඉනේ බඳින පෝර උරෙයි අරන් තේ පැක්ටේරියෙ ඔෆිස් එකේ පෙරෙට්ටුවට දුවනවා.. එතනදි තමයි දවසෙ දලු කඩන කොටස එක එක්කෙනාට බෙදලා බාර දෙන්නෙ.. තමන්ට ලැබුන කොටසෙ උදේ ඉදන් දලු නෙලුවාත් දලු වල බරට තමයි ගොඩක් වතු වල නම් සල්ලි දෙන්නෙ.. ඒ අතින් අපේ සින්නදොරේගෙ අප්පා පෙරියදොරේ ගුණයහපත් මනුස්සයා.. ලෝභ නැතුව දවසට හැමෝටම රුපියල් නමසීයක් දෙනවා..

"උඹලාට මුරුක්කු ඕනද.."

සෙල්වා මුදලාලිට හොඳට සිංහල පුලුවන් නිසා එයා වැඩි හරියක් කතා කරේම සිංහලෙන් වෙද්දී සල්ලි පොලියට දෙන නිසා මිනිස්සු එයාට පොලී මුදලාලි කියන්නත් පුරුදු වෙලා ඉඳියා.. වේලු මාමාත් හවසට කසිප්පු ගහන්න සල්ලි එහෙම පොලියට ගන්නෙ සෙල්වා මුදලාලිගෙන් තමයි..

⁣ඒ වෙලාවෙ කඩේ කවුරුත් ඉඳපු නැති නිසා වටපිට බලපු සෙල්වා මුදලාලි රා කලයක් වගේ ඉස්සරහට ඇවිත් තිබුණ බඩත් අතගාන ගමන් මගේ ළඟට ඇවිදගෙන ආවේ වේලු මාමා කියපු දේවල් මතක් වෙලා මම කලබලෙන් අඩියක් පස්සට ගනිද්දි වෙද්දී ඒත් එක්කම එයා මගේ අතින් අල්ලගත්තා..

"උඹලාට පෛයිත්තියම් ද මුදලාලි මාමා.. අපිලාගෙ අත අතෑරපිය.."

"උඹලා හරි ලස්සනයි කොලුවො.. මේකෙ වෙන එකෙක්වත් නෑ උඹ වගේ ලස්සනට සුදුවට ඉන්න.. මම උඹලාගෙ වේලු මාමාටත් කීවා උඹලාව අපිලා ළගට එවන්න කියලා.. කොහෙද උඹලාගෙ නෑනෙ කිසි උනන්දුවක්.. මම උඹලාගෙ අප්පාගෙ ණය කාසි කපලා දාන්නම්.. කාසි නැතුව නිකන්ම මුරුක්කු කන්න තිබුණා උඹට අද රෑ මාත් එක්ක මෙ..."

කාළි [Completed]✅Where stories live. Discover now