04📖️

11.8K 1.6K 643
                                    

මගේ හේෂ්..

බිත්තියෙ එල්ලලා තිබුණ හේෂ්ගෙ පොටෝ එක දිහා බලාගෙන මම එයාට කතා කරා..

ඔයා දන්නවාද අද මට කෙනෙක්ව හම්බවුණා.. එයාත් ඔයා වගේමයි.. හැබැයි ඔයාට වැඩිය ටිකක් විතර කටකාරයි.. හුරතල් ඇට්ටරයෙක්..

කොල්ලා මට ගහන්න ඉදල අතට ගත්ත හැටි මතක් වෙලා මගේ මූණට හිනාවක් ආවා.. මේ අවුරුදු තිස් අටටම කවුරුත් මට ගහන්න අතක් උස්සලා නැති වෙද්දී මුල්ම වතාවට එයා මට ගලක් විසි කරලා ගහපු හැටි මට ආයෙ ආයෙත් මතක් වුණා..

එදා ඔයාට දහනමයයි.. අද එයාටත් දහනමයයි.. ඒ නිසාමද මන්දා මට එයාව දැක්කාම ඔයාව හුඟාක් මතක් වෙනවා හේෂ්.. ඔයා නැතුව අද මට හුඟක් පාලු දැනෙනවා..

ඔයා කොහෙද ඉන්නෙ හේෂ්..

ඉන්න තැනක ඔයා සතුටින් ඉන්නවා නේද.. සමහරවිට ඔයා දැන් ආයෙත් ඉපදිලා ඇති.. මං වගේ ඔයාට රිද්දන්නෙ නැති ඔයා වෙනුවෙන් හුඟාක් ආදරේ දෙන කෙනෙක් ඔයාගෙ ජීවිතේට ලං වෙලා ඇති.. එහෙම වෙලා නම් අවංකවම මම සතුටු වෙනවා.. මොකද එදා මට වැදගත් නොවුන ඒ දේ අද මගේ ජීවිතේ වැදගත්ම දේ වෙලා තියෙන නිසා.. ඒ වෙන මුකුත් නෙමෙයි ඔයාගෙ සතුට..

ඕනම දෙයක වටිනාකම දැනෙන්න නම් ඒක අපෙන් ඈත් වෙන්න ඕන කියලා කතාවක් තියෙනවා.. ඒ කතාවත් එක්ක මම සීයට දාහක් එකඟයි.. මොකද එදා මට මගේ ළඟ ඉදපු හේෂ් ගැන ආදරයක් සෙනෙහසක් නොදැනුනාත් එයා මාව දාලා යන්න ගියාට පස්සේ අවුරුදු විස්සක් පුරාවටම මං කරේ එයාට මැරීගෙන ආදරේ කරපු එක.. ආයෙ කවදාවත් කිසිම හේතුවක් නිසා එයා මගේ ඇස් ඉස්සරහට එන්නෙ නෑ කියලා දැන දැනම මම පිස්සෙක් වගේ එයාට ආදරේ කරා..

අර පොඩි කොල්ලාව දැකපු මුල්ම තත්පරේ මං හිතුවේ ඔයා ආයෙම ඇවිත් කියලා.. ඒ නිසායි මං එයාව තුරුලු කරගත්තෙත්..

ඒත්..

ඒත් ඇත්තටම එහෙම වෙන්න පුලුවන් ද..

ජානුල් වගේම හේෂ් කියන්නෙත් දෙන්නාම එක්කෙනෙක්ද..

උත්තරයක් නැති ප්‍රශ්නේට උත්තරයක් මම මගෙන්ම ඇහුවා.. කලින් මට ඒ ගැන හිතුනේ නැතත් දැන් කල්පනා කරලා බලද්දී එහෙම වෙන්න බැරිකමකුත් නෑ කියලා මට හිතුණා.. හේෂ් නැති උනේ අවුරුදු විස්සකට කලින්.. දැන් ජානුල්ගෙ වයස දහනමයයි.. වයස් පරතරේ ගැලපෙනවා නේද මතක් වෙද්දී මගේ ඇස් ⁣නළලට ගියා..

කාළි [Completed]✅Where stories live. Discover now