89📖️

9.9K 1.3K 566
                                    

"ම්ම්.. ම්හ්ම්.. අ..ම්..මා.."

ඇහි පිය ඇරගන්න බැරිතරමටම ඇස් බරවෙද්දී මට කෙඳිරි ගෑවුනා.. මුලු ඇඟම රිදෙනවා..

දහයකගෙන් විතර ගුටි කාලා වගේනෙ..

"ජානුල්.."

"ම්.."

"ඒයි පොඩි එකා.. උඹට උණනෙ බං.. කෝ ඇස් ඇරපන්.."

තේනු අයියාගෙ කටහඬත් එක්ක හෙමින් ඇස් ඇරපු මං වටපිට බැලුවාත් මට දකින්න ඕන උන කෙනා කාමරේ ඇතුළෙ ඉඳියෙ නැහැ..

"කොහෙද එයා.."

මම අහද්දී මට උත්තරයක් නොදීම තේනුල්‍ය මාව නැගිට්ටවලා ඇඳේ හෙඩ් බෝර්ඩ් එකට හේත්තු කරා.. එතකොට තමයි මං දැක්කෙ කවුරුහරි මගේ ඇඳුම් මාරු කරලා තියෙනවා කියලා.. ඒ එයා වෙන්න ඕන..

එයා ඇරෙන්න වෙන කවුරුත් මට අත තියන්නෙ නෑ..

"මොකද උඹ නලියන්නෙ.. එක විදිහකට ඉඳපන්.."

"මෙහෙම ඉන්න අමාරුයි.. කොන්ද රිදෙනවා.."

අන්තිම වචන ටික මම ඇහෙන නොඇහෙන ගානට මුමුනද්දී කට කොනෙන් හිනා උන එයා මගේ දිහාට දික් කරේ බෙහෙත් පෙති දෙකක්..

"ඇති වෙන අතුරු ප්‍රතිඵල ගැන උඹට හිතන්න තිබුණේ සතාව අවුස්සගන්න කලින්.."

"හ්ම්.."

එයා කිව්වේ බොරුවක් නෙමෙයි.. මං සතීෂට උවමනාවෙන්ම රිද්දද්දී එයා ආපස්සට වචනයක්වත් නොකියා ඒ හැමදෙයක්ම ඉවසගෙන ඉඳිද්දී මට ඇත්තටම අමතක වෙලා ගියා එයාගෙ ඇඟේ ජීවත් වෙන්නෙ මැරයෙක් මිනීමරුවෙක් කියලා.. මිනිහෙක්ගෙ ඇඟේ ලේ හොල්ලන්න තරම් කේන්ති ගිය වෙලාවට ඒ හිත මොනතරම් නම් දරුණු වෙන්න ඕනද..

සතීෂ එයාගෙ කේන්තිය මට පෙන්නනකම්ම මං හිතුවේ නැහැ එයා එච්චරටම මටත් නපුරු වෙයි කියලා..

උඹ ඉල්ලගෙනනෙ කෑවේ ජානුල්.. දැන් ඉතිං විඳවපන්.. මගේ යටි හිත මට එහෙම කියද්දී මං කට ඇද කරගත්තා..

පළවෙනි දවසෙවත් මෙච්චර අමාරු උනේ නෑ.. මේ මිනිහා මට උණ ගන්නම ගැහුවානෙ.. තුවාල වෙලාද මන්දා.. පස්සත් දැවිල්ලයි.. ළඟක ඉඳියා නම් මං ඔය නාකි පාතාලයාගෙ බෙල්ල මිරිකනවා..

කාළි [Completed]✅Where stories live. Discover now