කපන්න කපන්න ගහක අතු දලු දාලා වැඩෙනවා වගේ පාතාල ලොක්කො කීදෙනෙක් මරලා දැම්මාත් එකෙක් නැති වෙන තැනට තව එකෙක් ඇවිල්ලා තමන්ගෙ බලය පතුරන්න උත්සාහ කරනවා.. හැමෝම තරඟ කරන්නෙ එක කිරුළක් වෙනුවෙන්..
මිනිස්සු කොහොම මොනවා හිතුවාත් පාතාලකාරයෙක්ට කිසිම දවසක මේ ගෙන්දගම් පොළවෙ හුදෙකලා පැවැත්මක් නෑ.. සල්ලි වෙෆන්ස් වගේම දේශපාලන හයියත් නැති තැන ඕනම පාතාල කල්ලියක් වට්ටන එක උගේ තැන ගන්න බලාගෙන තව එකෙක්ට ලේසියෙන් කරන්න පුලුවන් දෙයක්..
අවුරුදු දහ අටක් වගේ පොඩි වයසෙන් මගේ අත් වල ලේ ගෑවෙද්දී එදා මං මේ ලෝකෙට අලුත් එක තනි පොඩි කොල්ලෙක් උනාත් කවුරු නැතත් එයා මාව විශ්වාස කරා..
මං ඉස්සරහට තියන අඩියක් ගානෙ මරන මිනියක් ගානෙ එයා මාව හිනාවෙලා වැළඳගත්තා.. ඒ නිසායි කිසිම බයක් සැකක් නැතුව එයා ගොඩනගපු ඒ හැමදෙයක්ම එයාගෙන් පස්සේ එයා මගේ අතට බාර දුන්නෙ..
ජනෙල් දොරවල් සේරම වහලා තිබුණ කලුපාට තීන්ත ගාපු බිත්ති වලින් වට උන ඒ කාමරේ ඇතුළේ හ්ම් සද්දයක් නැති වෙද්දී මේසෙට හේත්තු වෙලා ඉදපු මං සිගරට් එකක් තොල් අතර තියන් ඒක පත්තු කරගත්තෙ කාමරේ වටේට හිටගෙන ඉදපු මගේ උන් දිහාට ඇස් අරගෙන යන ගමන්..
වෙන පාතාල ලොක්කොන්ට උන්ගෙ දකුණු අත වම් අත වගේ ප්‍රධාන ගෝලයෝ දෙන්නෙක් ඉඳියාත් මට තුන්දෙනෙක් ඉඳියා.. ඒ සුදා සියාම් වගේම බාලා.. මං වෙනුවෙන් පණ උනාත් දෙන්න බලාගෙන අවුරුදු විස්සකට කිට්ටු කාලයක් මගේ හෙවනැල්ල වගේ ළඟින් ඉදපු උන්ව මට ඇස් පියාගෙන උනාත් විශ්වාස කරන්න පුලුවන්කම තිබුණාත් එතනින් එහා උන්ගෙ යටතෙ ඉන්න එකෙක් ගැනවත් මම ලොකු විශ්වාසයක් තියාගත්තෙ නෑ.. මොකද අද මගේ පැත්තෙ ඉන්න එකෙක්ට හෙට එලිවෙද්දී පැත්ත මාරු කරන්න බැරිකමක් නෑ කියන එක මම දැනගෙන ඉඳියා.. ඒත් උන් හැමෝටම වගේම උන්ගෙ පවුල් වල අයටත් මම හොඳින් සැලකුවේ උන්ව මගේ අතේ තියාගන්න ලේසිම ක්‍රමය ඒක කියලා දැනගෙන ඉඳපු හන්දා..
මගේ කල්ලියෙ සීයකට වැඩි ගානක් ඉඳිද්දී උන් හැමෝම ගැන වෙන වෙනම බලන්න මට වෙලාවක් නැති නිසා සුදාට සිංහල උන් සියාම්ට මුස්ලිම් උන් බාලාට දෙමළ උන් විදිහට බාර දීලා උන්ගෙ වැඩ වල පහසුවට කීපදෙනෙක් ළඟින් තියාගෙන උන් යටතේ අනිත් උන් ගැන බලන්න කියලායි මම කියලා තිබුණේ..
YOU ARE READING
කාළි [Completed]✅
Fanfictionඋඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)